Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පොලාඩ් - බ්‍රාවෝ කොදෙව් අතිරේක ලැයිස්තුවට

පොලාඩ් - බ්‍රාවෝ කොදෙව් අතිරේක ලැයිස්තුවට

editorial - 2019 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගන්නා ලද ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට ඇතුළත් නොවූ කරන් පොලාඩ් සහ ඞ්වේන් බ්‍රාවෝ එම සංචිතයේ අතිරේක ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට එක් කිරීමට කොදෙව් ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් විස්සයි20 තරගාවලියේ ශූරතාව දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියොජනය කරමින් දැක්වූ දක්සම් පදනම් කරගනිමින් පොලාඩ්ද, එම තරගාවලියේ අනු ශූරතාව හිමිකරගත් චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් දැක්වූ දස්මක් පදනම් කරගනිමින් බ්‍රාවෝද මෙලෙස කළකට පසුව යළිත් කැඳවනු ලැබ සිටිති. 

බ්‍රාවෝ ඉකුත් වසරේදී (2018) තමා අන්තර් ජාතික තරගවලින් සමුගන්නා බව ප්‍රකාශ කළ අතර  පොලාඞ් අවසන් වරට එක්දින ජත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩාකර ඇත්තේ 2016 වසරේ ඔක්තෝබර් මාසයේදී පාකිස්තානයට එරෙහිවය. 

ඔවුන් දෙදෙනාද සමගින් මේ වන විට කොදෙව් ලෝක කුසලාන සංචිතයේ අතිරේක ක්‍රීඩකයන් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඔවුන් මේ මස 19 වැනිදා සිට 23 වැනිදා දක්වා සදම්ප්ටන්හිදී පැවැත්වෙන පුහුණු සැසියට මෙන්ම එම පුහුණු සැසිය අතරතුර 22 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන පුහුණු තරගයටද සහභාගි වීමට නියමිතය. 

පොලාඩ්ට සහ බ්‍රාවෝට අමතරව පසුගිය දින වලදී කොදෙව් කණ්ඩායම, බංග්ලාදේශය සහ අයර්ලන්තය අතර පැවැති තුන්කොන් ක්‍රිතට් තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ සුනිල් ඇම්බ්‍රිස් සහ ජෝන් කැම්බල්ද තවදුරටත් අතිරේක සංචිතයේ රැඳවාගැනීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ.

කොදෙව් ලෝක කුසලාන සංචියේ සිටි එවින් ලුවිස් ආබාධයකයට ලක්ව සිටීම හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇම්බ්‍රිස් ඔහුගේ අදේශයක ක්‍රීඩකයා ලෙස ප්‍රධාන සංචිතයට ඇතුළත් කිරීමට නියමිත බව වාර්තා වේ. කෙසේ වුවත් සෙසු අතිරේක ක්‍රීඩකයන්ට ප්‍රධාන සංචිතයට ඇතුළත් වීමට අවස්ථාවක් හිමිවන්නේ ප්‍රධාන සංචිතයේ සිටින ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්වුවහොත් පමණි. 

බටහිර ඉන්දීය කොදෙව් ලෝක කුසලාන සංචිතය
ජේසන් හෝල්ඩර් (නායක), ක්‍රිස් ගේල්, කේමර් රෝච්, ඩැරන් බ්‍රාවෝ, ඔන රසල්, ශායි හෝප්, ශෙල්ඩන් කොටේ‍රල්, එවින් ලුවිස්, ශැනන් ගේබ්‍රිෙයල්, කාර්ලෝස් බ්‍රැත්වයිට්, ඈෂ්ලි නර්ස්, ශිම්රන් හැට්මෙයර්, ෆැබියන් ඇලන්, ඔෂේන් තෝමස් සහ නිකලස් පූරන් 

අතිරේක ක්‍රීඩකයෝ 
සුනිල් ඇමබ්‍රිස්, ඩ්වේන් බ්‍රාවෝ, ජෝන් කැම්බල්, ජොනතන් කාටර්, රොස්ටන් චේස්, ෂේන් ඩොව්රිච්, කීමෝ පෝල්, ඛාරි පෙයිරි, රේමන් රෙයිෆර් සහ කිරන් පොලාඩ්

-036 


අදහස් (0)

පොලාඩ් - බ්‍රාවෝ කොදෙව් අතිරේක ලැයිස්තුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.