Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාසල් මහ ක්‍රිකට් තරග පැවැත්වීමේ බාධාවක් නෑ

පාසල් මහ ක්‍රිකට් තරග පැවැත්වීමේ බාධාවක් නෑ

නාමල් පතිරගේ - 2021 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මෙම වසරට නියමිත පාසල් මහ ක්‍රිකට් තරග පැවැත්වීමට කිසිදු බාධාවක් නැතැයි ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි. කොළඹ දී ඊයේ (03) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඇමතිවරයා පැවසුවේ  හඳුන්වාදී තිබෙන සෞඛ්‍ය නිරෝධායන නීති රීති යටතේ පාසල් මහ ක්‍රිකට් තරග පැවැත්වීමට කිසිදු බාධාවක් නැති බවයි.

මාධ්‍යවේදීන්ගේ විමසීම්වලට පිළිතුරු දෙමින් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා මෙසේද  පැවසීය.

“රාජකීය - ශාන්ත තෝමස් මහ තරගය හම්බන්තොට දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම  අපිට දැනගන්නට ලැබෙනවා මේ වනවිටත් ආනන්ද – නාලන්දා, රිච්මන්ඩ් - මහින්ද ආදි පාසල්වල මහ ක්‍රිකට් තරග මෙම වසරට පැවැත්වීමට  සූදානම් වන බවත් පාසල් මහ ක්‍රිකට් තරග විතරක් නොවේ, පාපන්දු, රග්බි, මලල ක්‍රීඩා ආදි ඕනෑම ක්‍රීඩාවන්ට අදාළව පාසල් තරග දැන් පවත්වන්න අවසර දීලා තිබෙනවා. එකම කාරණය වන්නේ සෞඛ්‍ය නිරෝධායන නීති උල්ලංඝනය නොවන ආකාරයට තරග සංවිධානය කළ යුතුයි”.

 “ඒ නිසා පාසල් මහ ක්‍රිකට් තරග වගේම අනෙකුත් ක්‍රීඩා ඉසව් සංවිධානය කිරීමට දැන් පාසල්  පසුබට විය යුතු නෑ”.

මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශය හා ක්‍රීඩා  අමාත්‍යංශය ඒකාබද්ධ වෙමින් කොවිඩ් වසංගතය හේතුවෙන්  අත්හිටුවනු ලැබූ පාසල් ක්‍රීඩා තරග යළි ආරම්භ කිරීමට සැළසුම් ඉදිරිපත් කර තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරෝධායන උපදෙස් මාලාව යටතේය.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා ඇමතිවරයා පැවසුවේ ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව කඩිමුඩියේ පත් කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි.
 ඒ  එම කමිටුව පත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව මාධ්‍යවේදීන්  කළ විමසුමකදීය.

‘‘තේරීම් කමිටු පත් කරන්න දැන්මම අතගහන්නේ නෑ. මේ පත් කරන තේරීම් කමිටු ටික කාලයකට විතරක් තියා ගන්න අපේ අදහසක් නෑ. ඒ නිසා යම් යම් කාරණා උඩ ඊට ටික කාලයක් ගතවිය හැකියි. එහෙම කඩිමුඩියේ කමිටු පත් කරලා වැරැද්දක්  වුණොත් ඒකටත් වගකියන්න වෙන්නේ අපටයි.’’

ජාතික ක්‍රීඩා පාලක සභාවේ සභාපති මහේල ජයවර්ධන,  එහි සාමාජික කුමාර් සංගක්කාර යන මහත්වරු ඇතුළු එම සභාවේ නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 


අදහස් (0)

පාසල් මහ ක්‍රිකට් තරග පැවැත්වීමේ බාධාවක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.