Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාණ්ඩේ - ශංකර් හයිද්‍රාබාද් කණ්ඩායම දිනවති

පාණ්ඩේ - ශංකර් හයිද්‍රාබාද් කණ්ඩායම දිනවති

editorial - 2020 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
මනීෂ් පාණ්ඩේගේ සහ විජේ ශංකර්ගේ ශතක සම්බන්ධතාව හේතුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව බ්‍රහස්පතින්දා (22 වැනිදා) ඩුබායිහිදී පැවැති අයි.පී.එල්. තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

මේ දක්වා තරග 11 කට සහභාගි වී ඇති රාජස්ථාන් කණ්ඩායම ලැබූ 7 වැනි පරාජය මෙය වන අතර ඔවුන් ලකුණු 8 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවේ. තරග 10 කට සහභාගි වී ඇති හයිද්‍රාබාද් කණ්ඩායම එහිදී ලැබූ සිවුවැනි ජය මෙය වන අතර ඔවුන් ලකුණු 8 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ රැදී සිටියි.

ජයග්‍රහණය සඳහා ලකුණු 155 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ කඩුලු 2 ක් පමණක් දැවී පන්දු 11 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ නායක ඩේවිඩ් වෝනර් (4) සහ ජොනී බෙයාස්ටෝ (10) මුලු ලකුණු සංඛ්‍යාව 16 ක් වන විට ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ජොෆ්රා ආචර් සමත් විය. එහෙත් එතැන් සිට පිටියේ එක්වූ මනීෂ් පාණ්ඩේ (නොදැවී 83) සහ විජේ ශංකර් (නොදැවී 52) තෙවැනි කඩුල්‍ල වෙනුවෙන් පන්දු 93 කදී ලකුණු 140 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

පන්දු 47 කට මුහුණදුන් පාණ්ඩේ හයේ පහර 8 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු රැස්කළ අතර පන්දු 51 කදී වාර්තා වූ ශංකර්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 154 ක් ලබාගත් අතර රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සංජු සැම්සන් පන්දු 26 කදී ලකුණු 36 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. ආරම්භක පිතිකරු බෙන් ස‍්ටෝක්ස් පන්දු 32 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 30 ක් රැස්කළේය.
 
දක්ෂ පන්දු යැවමක නිරත වූ ජේසන් හෝල්ඩර්, සැම්සන්ගේ කඩුල්ලද සමගින් ලකුණු 33 කට කඩුලු 3 ක් දවාගත් අතර විජේ ශංකර් සහ රෂීඩ් ඛාන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
 

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 154
(රොබින් උතප්පා 19, බෙන් ස්ටෝක්ස් 30, සංජු සැම්සන් 36, ස්ටීවන් ස්මිත් 19, රියාන් පරාග් 20, ජේසන් හෝල්ඩර් 33/3)
 
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 18.1 කදී කඩුලු 2 කට 156
(මනීෂ් පාණ්ඩේ නොදැවී 83, විජේ ශංකර් නොදැවී 52, ජෙ‍ාෆ්රා ආචර් 21/2)
 
036 
 

 


අදහස් (0)

පාණ්ඩේ - ශංකර් හයිද්‍රාබාද් කණ්ඩායම දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.