Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානු සුපර් ලීගයත් ඩුබායි යයිද

පාකිස්තානු සුපර් ලීගයත් ඩුබායි යයිද

editorial - 2021 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තාන සුපර් ලීග් (පී.එස්.එල්) විස්සයි 20 තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සලකා බලමින් සිටී. එහෙත් සිය රට තුල පවතින කොවිඩ්-19 වයිරසේ බලපෑම පිළිබඳව සෞඛ්‍ය අංශයේ අවසන් තීරණය ලැබෙන තෙක් තමන් බලා සිටින බව පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය පවසයි. 

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම මූල්‍යෝත්පාදන දේශීය තරගාවලිය මෙයයි. එහෙත්  ක්‍රීඩකයින් හය දෙනෙකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකුට කොවිඩ් - 19 වයිරසය අසාදනය වීම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ 4 වැනිදා තරඟාවලිය කල් දැමීමට තීරණය කෙරුණි. ඒ වනවිට තරග 14 ක් පවත්වා තිබුණි.

පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් වන තිසර පෙරේරා කරච්චි කිංග්ස් කණ්ඩායමටද සීකුගේ ප්‍රසන්න ලාහෝර් කොලැන්ඩර්ස් කණ්ඩායමටද තෝරා ගනු ලැබූහ.

පී.එස්.එල් තරගාවලිය නැවත වරක් ජුනි 1 වනදා ආරම්භ කර ඉතිරි තරඟ 20 කරච්චි නුවර ජාතික ක්‍රීඩාංගණයේදී පවත්වන බවත්, අවසන් මහා තරගය නිවේදනය කළේය.

“තරගාවලිය නැවත ආරම්භ කළ යුතු යැයි ජාතික අණදෙන හා මෙහෙයුම් මධ්‍යස්ථානය (එන්.සී.ඕ.සී) තීරණය කළහොත්, අපි කරච්චිහි නුවර ජෛව සුරක්ෂිතභාවයට පත් කර සියලුම තරඟ එහි දී පවත්වනවා... ඒත් එහෙම කරන්න අපට අවසර දෙන්නේ නැත්නම් කණ්ඩායම් හයේ හිමිකරුවන් එක්ක කතාබහ කරලා අපි තරගාවලියේ ඉතිරි කොටස ඩුබායි නුවරට අරන් යනවා” යැයි පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රකාශකයෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය. 

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි පසුගිය වසරේ ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියට සත්කාරකත්වය දැරූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පී.එස්.එල් තරගාවලිය ද රැගෙන යන ලෙස එහි කණ්ඩායම් හිමිකරුවන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා තිබේ. 

 


අදහස් (0)

පාකිස්තානු සුපර් ලීගයත් ඩුබායි යයිද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.