Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානු සුපර් ලීගය හදිසියේම නවතී

පාකිස්තානු සුපර් ලීගය හදිසියේම නවතී

editorial - 2021 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩකයින් හත්දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් පාකිස්තාන සුපර් ලීග් තරඟාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කළ බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. තරගාවලිය අතරතුර ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම කොරෝනා වයිරසය ආසාදනය වීම මෙම තීරණය ගැනීමට හේතුවූ බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ සඳහන්ව ඇත.

“සියළුම තරගකරුවන්ගේ ආරක්‍ෂාව කෙරෙහි අවධානය යොමු කර ඇති අතර තරගාවලියට එක්වී ඇති කණ්ඩායම් 6 හි සියලුම තරගකරුවන්ට නැවත නැවතත් පී.සී.ආර් පරීක්ෂණ කිරීමට, එන්නත් ලබාදීමට සහ නිරෝධායන පහසුකම් ලබාදිමටත් කටයුතු කර ඇත” යනුවෙන් එම වෙඩ් අඩවියේ සඳහන්ව ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වූ ක්‍රීඩකයන් හත් දෙනා අතර ලාහෝර් කණ්ඩායම නියෝජනය කරන ඕස්ටේ්‍රලියානු සහ පාකිස්තානු පුරවැසිකම හිමි දඟ පන්දු යවන ෆවාඩ් අහමඩ්, එංගලන්තයේ ටොම් බැන්ටන් සහ මොහොමඩ් ෆයිසාන් ඇතුළත් ව සිටිති. ඕස්ටේ්‍රලියානු තුන් ඉරියව් ක්‍රීඩක ඩැනියෙල් ක්‍රිස්ටියන් වයිරසය වැළදේ යැයි බියෙන් තරඟාවලියෙන් ඉවත් වූ අතර රට බලා පිටත්ව යාමට ඔහු සැලසුම් කර තිබුණි.

කොරෝන වයිරසය හේතුවෙන් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට මේ වසරේදී තවත් කඩුල්ලක් පැනීමට සිදුව තිබේ. හයවැනි තරගාවලිය මේ වනවිට පාකිස්තානයේදී පවත්වන නමුත් එය සම්පූර්ණයෙන්ම පසුගිය වසරේදී පාකිස්තානයේ පැවැත්වූයේ පළමු වතාවටය. ඊට පෙර පැවැති තරගාවලි සඳහා සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සත්කාරකත්වය සපයන ලදී.

එංගලන්තයේ ඇලෙක්ස් හේල්ස් විසින් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසු මූලික වටයේ තරග 3 ක් සහ අවසන් තරගය පසුගිය වසරේදී අවලංගු කරන ලදි. නැවතත් තරගාවලිය නොවැම්බර් මාසයේදී පැවැති අතර ක්‍රීඩාංගණයේ දොරටු වසා දමා ඉතිරි තරග පැවැත්වූ අතර කරච්චි කිංග්ස් කණ්ඩායම ශූරතාව දිනාගත්තේය.


- 2079

 


අදහස් (0)

පාකිස්තානු සුපර් ලීගය හදිසියේම නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.