Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානු යොවුන් පිල තෙවැනි ජයත් ලබයි

පාකිස්තානු යොවුන් පිල තෙවැනි ජයත් ලබයි

editorial - 2019 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී 3-1 ක් ලෙස ජය ලැබීමට සමත් විය.  

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (02) පැවැති සිවුවැනි තරගයෙන් පාකිස්තානු ක්‍රීඩකයෝ කඩුලු 7ක ජයක් ලැබූහ.

පාකිස්තානු යොවුන් පිල ලකුණු 196 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 34.5 කදී කඩුලු තුනක් පමණක් දැවී සම්පූර්ණ කළහ.

හයිදීර් අලී අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 95 කදී හතරේ පහර හතක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 93 ක් රැස්කිරීමට සමත් විය.
 
හයිදීර් අලී සහ නායක රොහයිල් නසීර් (69) දෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 117 ක සම්බන්ධතාව ජයග්‍රහණය පහසු කළේය.

අවිෂ්ක තරිඳු සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 79 කින් රැස්කළ ලකුණු 50 නිසා ලකුණු 195 ක් රැස්කිරීමට අවස්ථාව උදාවිය.

මෙම තරගයේදී ආරම්භක පිතිකරු ස්ථානයට කැඳවූ අභිෂේක් කහදුවආරච්චි අන්තයක් ආරක්‍ෂා කරගනිමින් පන්දුවට පහරදීම කැපී පෙනුණි. අභිෂේක් පන්දු 116 කදී හතරේ පහර හතරක් සමගින් ලකුණු 64 ක් රැස්කළේය.
අභිෂේක් කහදුවආරච්චි සහ අවිෂ්ක තරුඳු පස්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 64 ක සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකා පිල හිස එසවීය.

ශ්‍රී ලංකා පිලේ ප්‍රබල පිතිකරු කමිල් මිෂාර ලකුණු අටකට දැවී ගියේය.  

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කමිල් මිෂාර කටයුතු කරන අතර පළමු තරග තුනට සහභාගි වූ සංචිතය වෙනස් කරමින් නවක ක්‍රීඩකයන් රැසක් සිවුවැනි සහ පස්වැනි තරගයට කැදවා තිබේ.

 

- 048


අදහස් (0)

පාකිස්තානු යොවුන් පිල තෙවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.