Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානු ක්‍රිකට් පිලේ 10 කට කොරෝනා

පාකිස්තානු ක්‍රිකට් පිලේ 10 කට කොරෝනා

editorial - 2020 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අගෝස්තු මාසයේදී එංගලන්තයේ තරග සංචාරයක නිරත වීමට නියමිත පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 10 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව පාකිස්තානය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි. ටෙස්ට් තරග 3 ක් සහ විස්සයි20 තරග 3 ක් සඳහා පාකිස්තාන කණ්ඩායම ලබන සෙනසුරාදා එංගලන්තය බලා පිටත්ව යෑමට සූදානමින් සිටි අතර තරගාවලිය ආරම්භ වන්නේ අගෝස්තු මාසයේදීය.

තවත් කොරෝනා ආසාධිතයින් වාර්තා වුවද තරග සංචාරය අතහැර නොදමන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී වසීම් ඛාන් මහතා පැවසීය.

“මෙම තරගාවලිය නියමිත විදිහට පැවැත්වෙනවා. කාලසටහනට අනුව කණ්ඩායම තරගාවලිය සඳහා පිටත්ව යනවා” යයි ඛාන් මහතා පැවසීය.

“වාසනාවට පළමු තේරීම වන්නේ ටෙස්ට් ක්‍රීඩකයින්. කඩුලු රකින ක්‍රීඩක මොහොමඞ් රිස්වාන්ගේ පරීක්‍ෂණය ඔහුට වාසිදායක වුණා. ඔහුට ඉක්මනින් පුහුණුවීම් ආරම්භ කරන්න පුළුවන්” යයිද වසිම් ඛාන් මහතා පැවසීය.

පාකිස්තානු ක්‍රීඩකයන් වන ෆකාර් සමාන්, මොහොමඞ් රිස්වාන්, වහබ් රියාස්, ඉම්රාන් ඛාන්, මොහොමඞ් හෆීස්, මොහොමඞ් හස්නෙයින්, කෂීෆ් භාති, ශදාබ් ඛාන්, හරිස් රාවුෆ් සහ හයිදර් අලී කොරෝනා ආසාදිතයෝ වී සිටිති. ඊට අමතරව කණ්ඩායමේ සම්භාහකවරයාටද වයිරසය වැළඳී ඇති බවට හදුනාගෙන ඇත.

මේ වනවිට පාකිස්තානය තුල කොරෝනා වයිරසය ආසාදනය වූවන් 185,000 ක් වාර්තාවී ඇති අතර මරණ 3695 ක් වාර්තාවී තිබේ. ක්‍රීඩකයන්ට නිසි මාර්ගෝපදේශ දුන්නද ඔවුන් සිය නැදෑ හිත මිතුරන් හමුවීම වැලැක්වීම තමන්ට කළ නොහැකි බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීයා කියයි.

ටෙස්ට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගය සඳහා සහභාගී වීමට පාකිස්තාන කණ්ඩායම මැන්චෙස්ටර් බලා පිටත්ව යෑමට පෙර ඩර්බිෂයර්හිදී දින 14 ක නිරෝධායනයකට ලක්වීමට ඔවුන්ට සිදුවනු ඇත.

අතිරේක ක්‍රීඩකයින් වන පිතිකරු ඉම්රාන් බට්, තුන්ඉරියව් ක්‍රීඩක මොහොමඞ් නවාස්, දඟපන්දු යවන ක්‍රීඩක බිලාල් අසීෆ් සහ වේගපන්දු යවන ක්‍රීඩක මුසා ඛාන් මේ වනවිට පරීක්‍ෂණ වලට ලක්වී සිටිති. ඔවුන්ගේ පරීක්‍ෂණ වාර්තා නිරවුල් වුවහොත් ඔවුන් කණ්ඩායමට එකතුකරගනු ඇත.

ජේෂ්ඨ පිතිකරු ෂොයිබ් මලික් මේ වනවිට සිය බිරිඳ වන ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා සහ ඔවුන් පුතු සමගින් ඩුබායිහී රැදී සිටිති.

ටෙස්ට් සහ එක්දින පිටියෙන් සමුගෙන ඇති මලික් විස්සයි20 ජාත්‍යන්තර තරග සඳහා පමණක් සහභාගීවන අතර ජුලි 24 වැනිදා යළිත් කණ්ඩායම සමගින් එක්වීමට නියමිතව ඇත.
 
- 2079


අදහස් (0)

පාකිස්තානු ක්‍රිකට් පිලේ 10 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.