Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය තරගාවලිය 1-1 ක් ලෙස සමකරයි

පාකිස්තානය තරගාවලිය 1-1 ක් ලෙස සමකරයි

editorial - 2020 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොහොමඩ් හෆීස් (නොදැවී 86) සහ හයිඩර් අලීගේ (54) පිතිහරඹය හේතුවෙන් එංගලන්ත පිලට එරෙහිව මැන්චෙස්ටර්හිදී පැවැති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය ලකුණු 5 කින් ජය ගැනීමට පාකිස්තානය ඊයේ (1 වැනිදා) සමත් විය. ඒ අනුව තරගාවලිය එකට එකක් ලෙස සමගැනීමටද පාකිස්තානයට හැකිවිය.

කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝගන් පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 190 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරත වූ මොහොමඞ් හෆීස් සහ හයිඩර් අලී තෙවැනි කඩුල්ල සඳහා පන්දු 61 කදී ලකුණු 100 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් පාකිස්තාන ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.

මොහොමඩ් හෆීස් පන්දු 52 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 86 ක් රැස්කළ අතර මංගල විස්සයි20 ජාත්‍යන්තර තරගයට සහභාගිවූ හයිඩර් අලී පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 54 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 185 ක් පමණි.

එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලකුණු 17 ක් අවශ්‍යවූ අතර පළමු පන්දු 4 තුලදී ලකුණු 5 ක් ලබාගැනීමට ටොම් කරන් සහ අදිල් රෂීඞ් සමත්වූහ. පස්වැනි පන්දුවේදී 6 යේ පහරක් එල්ල කිරීමට ටොම් කරන් සමත්වුවද අවසන් පන්දුවට ලකුණු ලබානොදීමට පන්දු යැවූ හරිස් රාවුෆ් සමත්විය.

ආරම්භක පිතිකරු ටොම් බැන්ටන් පන්දු 31 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 46 ක් සහ මොයින් අලී පන්දු 33 කදී හයේ සහ හතරේ පහර 4 බැගින් එල්ල කරමින් ලකුණු 61 ක් ලබාගැනීමට සමත්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

ශහීන් අෆ්රිඩි ලකුණු 28 කට කඩුලු 2 ක් සහ වහබ් රියාස් ලකුණු 26 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවි 190
(බාබර් අසාම් 21, හයිඩර් අලී 54, මොහොමඞ් හෆීස් නොදැවී 86, ක්‍රිස් ජෝර්දාන් 29/2)

එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 185
(ටොම් බැන්ටන් 46, මොයින් අලී 61, සෑම් බිලිංග්ස් 26, ශහීන් අෆ්රිඩි 28/2, වහබ් රියාස් 26/2)

-2079


අදහස් (0)

පාකිස්තානය තරගාවලිය 1-1 ක් ලෙස සමකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.