Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තාන සංචාරය තවමත් වැට උඩ

පාකිස්තාන සංචාරය තවමත් වැට උඩ

ශානුක අරවින්ද - 2019 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 27 වැනිදා සිට ඕක්තෝබර් මස 3 වැනිදා දක්වා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය තවමත් අවිනිශ්චිත තත්ත්වයක තිබේ.

පාකිස්තානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට යළිත් වරක් ත්‍රස්තවාදී තර්ජන එල්ල විය හැකි බව සඳහන් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබුණ ලිපියක් හේතුවෙන් මෙම තත්වය උද්ගත වී තිබේ. මෙම ලිපිය ක්‍රීඩා අමාත්‍යංශය හරහා, අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමුකරනු ලැබ තිබිණ.

ආරක්ෂක අමාත්‍යංශය සමග සාකච්ඡා කර පාකිස්තානයේදී පැවැත්වෙන තරගාවලියට කණ්ඩායමක් සහභාගි කරනවාද, නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත් බ්‍රහස්පතින්දා (12 වැනිදා) ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. එයට ලැබුණු පිළිතුර ගැන විමසීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් කියා සිටියේ තීරණය ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශය සතුව බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට සහභාගි වන්නේ නම් මේ මස 24 වැනිදා දිවයිනෙන් පිටත්වයා යුතු වුවත්, මේ වන තුරුත් (14 වැනිදා) ක්‍රීඩා අමාත්‍යංශයෙන් ක්‍රිකට් ආතනයේ ඉල්ලීමට නිසි පිළිතුරක් ලැබී නොමැති බව වාර්තා වේ. ඒ අනුව ඉදිරි දින 10 තුළදී ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලබා දෙන පිළිතුර මත ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ ඉරණම විසඳෙනු ඇත.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසින් තෝරාගන්නා ලද එක්දින සහ විස්සයි20 කණ්ඩායම්, මේ මස 16 වැනිදා සිට රුමේෂ් රත්නායක මහතා යටතේ පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය. එක්දින සහ විස්සයි20 කණ්ඩායමේ දෙකේම නිත්‍ය නායකයන් මෙම තරගාවලියට සහභාගි වීමෙන් වැලකී සිටීම නිසා ළහිරු තිරිමාන්න එක්දින කණ්ඩායමේත්, දසුන් ශානක විස්සයි20 කණ්ඩායමේත් නායකයන් ලෙස කටයුතු කිරීමට නියමිතය.

 


අදහස් (0)

පාකිස්තාන සංචාරය තවමත් වැට උඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.