Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තාන නැගී එන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව පරදවති

පාකිස්තාන නැගී එන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව පරදවති

editorial - 2019 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා වයස 23 න් පහළ කණ්ඩායමට එරෙහිව අද (16 වැනිදා) බංග්ලාදේශයේ කොක්ස් බසාර්හිදී පැවැති එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 90 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තාන වයස 23 න් පහළ කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 184 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට මොහොමඞ් හස්නයින්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඕවර 30.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 93 ක් පමණි. ශ්‍රී ලංකා නැගී එන ඉනිම සුනුවිසුණු කළ හස්නයින් ඕවර 7 ක් යවමින් ලකුණු 19 කට කඩුලු 6 ක් දවාගත්තේය.

පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙර දැවී යෑම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට විශාල පාඩුවක් වූ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ පැතුම් නිස්සංක පන්දු 56 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 34 ක් රැස්කළේය. හසිත බෝයගොඩ පන්දු 42 කදී ලකුණු 22 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන නැගී එන කණ්ඩායම ඕවර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 183 ක් ලබාගත්තේය. වේගවත් පිතිහරඹයක නිරත වූ අමඞ් බට් පන්දු 45 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 44 ක් ලබා සිටියදී දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට මිනෝද් භානුක සමත් විය.

රොහේල් නසීර් පන්දු 47 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 37 ක්ද, කුෂ්දිල් ෂා 47 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 32 බැගින් රැස්කරමින් පාකිස්තාන නැගී එන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු ලකුණු 28 කට කඩුලු 3 ක් දවාගත් අතර අමිල අපෝන්සු ලකුණු 36 කට කඩුලු 2 ක්ද, කළණ පෙරේරා ලකුණු 45 කට කඩුලු 2 ක්ද දවාගනිමින් පාකිස්තාන පිතිකරුවන් අසරණ කිරීම සඳහා අසිතට අනගි සහායක් ලබාදුන්හ.


පාකිස්තාන නැගී එන පිල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 183
(හයිදර් අලී 15, රොහේල් නසීර් 37, සයිෆ් බදාර් 16, කුෂ්දිල් ෂා 32, අමාද් බට් 44, අසිත ප්‍රනාන්දු 28/3. අමිල අපොන්සු 36/2, කළණ පෙරේරා 45/2)

ශ්‍රී ලංකා නැගී එන පිල - ඕවර 30.4 කදී සියලු දෙනා දැවී 93  
(පැතුම් නිස්සංක 34, හසිත බෝයගොඩ 22, කමිඳු මෙන්ඩිස් 19, මොහොමඞ් හස්නයින් 19/6, උමේර් ඛාන් 04/2, කුෂ්දිල් ෂා 14/2)

-036

 


අදහස් (0)

පාකිස්තාන නැගී එන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.