Last Update  :  2024-04-25 21:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළඟ ශූරතාව මුවර්ස් පිලට

පළඟ ශූරතාව මුවර්ස් පිලට

ශානුක අරවින්ද - 2020 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රීකට් තරගාවලියේ පළඟ ශූරතාව යටතේ පැවැති තරග 3 න් 2 කදී පූර්ණ ජයග්‍රහණද, සෙසු තරගයේදී පළමු ඉනිමේ ජයග්‍රහණයක්ද වාර්තා කරමින් අපරාජිත ලෙස පළඟ ශූරතාවට හිමිකම් කීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

පිතිකරුවන් තිදෙනෙකුම ශතක ලබාගැනීම හේතුවෙන් අවසන් වරට ලන්කන් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 103 ක පහසු ජයක් වාර්තා කිරීමටද මුවර්ස් කණ්ඩායම සමත් විය. එම තරගය පෙරේදා (24 වැනිදා) කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් සචිත්‍ර සේරසිංහ (151), නිපුන් කරුණානායක (142) සහ රමේෂ් මෙන්ඩිස් (104) ශතක ලබාගත්හ. ඔවුන්ට නොදෙවෙනි පිතිහරඹයක නිතර වූ මොහොමඞ් ශමාස් ලකුණු 81 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසු විය. ලන්කන් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 320 කට සීමා කිරීම සඳහා පෙරමුණ ගත් ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 83 කට කඩුලු 5 ක් බිඳ හෙළුවේය.  දෙවැනි ඉනිමේදී ප්‍රවීන්ද ඇතුළුව පන්දු යවන්නන් පස් දෙනෙක් කඩුලු 2 බැගින් දවාගනිමින් මුවර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

පෙරේදා නිමාවූ තරගවලදී බදුරලිය කණ්ඩායමේ දමිත් පෙරේරා (112 සහ නොදැවී 113), එස්.එස්.සී. කණ්ඩායමේ නායක දසුන් ශානක (128) සහ සඳුන් වීරක්කොඩි (101), ලන්කන් කණ්ඩායමේ මාලිංග අමරසිංහ (117), ද්‍රවිඩ සංගම් කණ්ඩායමේ යොහාන් මෙන්ඩිස් (116) සහ ධනංජය ද සිල්වා (167) ශතක ලබාගත්හ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ද්‍රවිඩ සංගම් කණ්ඩායමේ මධුක ලියනපතිරණ ලකුණු 54 කට 6 ක් දවාගත් අතර මීගමුව කණ්ඩායමේ රොෂේන් ප්‍රනාන්දු (31/5) සහ ලක්ෂිත මානසිංහ (135/5) ද කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


■ මුවර්ස් සහ ලන්කන් අතර - එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
මූවර්ස් පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 599
(සචිත්‍ර සේරසිංහ 151, නිපුන් කරුණානායක 142, රමේෂ් මෙන්ඩිස් 104, අයන සිරිවර්ධන 32, නිම්නද මධුෂංක 35, කවිෂ්ක අංජුල 37, දුනිත් වෙල්ලාලගේ 143/4, මාලිංග අමරසිංහ 50/2)
ලන්කන් පළමු ඉනිම - සියලු දෙනා දැවී 320
(මාලිංග අමරසිංහ 117, ප්‍රිමෝෂ් පෙරේරා 65, දමිත සිල්වා 36, කෙවින් පෙරේරා නොදැවී 31, දුනිත් වෙල්ලාලගේ 28, ප්‍රවීන් ජයවික්‍රම 83/5, කවිෂ්ක අංජුල 49/2)
ලන්කන් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 176
(ගීත් කුමාර 32, රිසිත් උමපාල් 36, කසුන් අබේරත්න 27, අයන සිරිවර්ධන 07/2, නිපුන් කරුණානායක 27/2, රමේෂ් මෙන්ඩිස් 29/2, කවිෂ්ක අංජුල 39/2, ප්‍රවීන් ජයවික්‍රම 69/2)


■ එස්.එස්.සී. සහ බදුරලිය අතර - මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 583
(ධනුෂ්ක ගුණතිලක 47, සඳුන් වීරක්කොඩි 101, නිවනිඳු ප්‍රනාන්දු 49, චරිත් අසලංක 83, දසුන් ශානක 128, සම්මු අෂාන් 75, ක්‍රිෂාන් අංජුල 32, කළණ පෙරේරා 29, අලංකාර අසංක 97/3, බුද්ධික සංජීව 144/3)
බදුරලිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 280
(දුනිත් ජයතුංග 63, දමිත් පෙරේරා 113, දුෂාන් හේමන්ත 29, බුද්ධික සංජීව 22, තරිඳු රත්නායක 73/4, ජෙෆ්රි වැන්ඩසේ 76/3, කළණ පෙරේරා 36/2)
බදුරලිය දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 258
(තිලකරත්න සම්පත් 72, දමිත් පෙරේරා නොදැවී 112, දුෂාන් හේමන්ත 28, තරිඳු රත්නායක 72/3)


■ මීගමුව සහ ද්‍රවිඩ සංගමය අතර - කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - සියලු දෙනා දැවී 184  
(යොහාන් මෙන්ඩිස් 31, ධක්ෂිත ප්‍රනාන්දු 30, දේවින්ද් පත්මනාතන් 40, ප්‍රමෝද් මධුෂාන් 24, රොෂේන් ප්‍රනාන්දු 31/5, ලක්ෂිත මානසිංහ 25/2, උපුල් ඉන්ද්‍රසිරි 70/2)
මීගමුව පළමු ඉනිම - සියලු දෙනා දැවී 371
(අෂේන් සිල්වා 90, පසිඳු ලක්ෂිත 37, ඩිල්ෂාන් මුණවීර 85, මාධව වර්ණපුර 84, මධුක ලියනපතිරණ 54/6, ප්‍රමෝද් මධුෂාන් 78/2)
ද්‍රවිඩ සංගම් දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 387
(යොහාන් මෙන්ඩිස් 116, ධනංජය ද සිල්වා 167, මනෝජ් සරත්චන්ද්‍ර 25, ධක්ෂිත ප්‍රනාන්දු 23, ලක්ෂිත මානසිංහ 135/5, උපුල් ඉන්ද්‍රසිරි 106/2)

 

■ මුවර්ස් සහ ලන්කන් අතර - එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
මූවර්ස් පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 599
ලන්කන් පළමු ඉනිම - සියලු දෙනා දැවී 320
ලන්කන් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 176

(ගීත් කුමාර 32, රිසිත් උමපාල් 36, කසුන් අබේරත්න 27, අයන සිරිවර්ධන 07/2, නිපුන් කරුණානායක 27/2, රමේෂ් මෙන්ඩිස් 29/2, කවිෂ්ක අංජුල 39/2, ප්‍රවීන් ජයවික්‍රම 69/2)

 

■ එස්.එස්.සී. සහ බදුරලිය අතර - මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 583
බදුරලිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 280
බදුරලිය දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 258

(තිලකරත්න සම්පත් 72, දමිත් පෙරේරා නොදැවී 112, දුෂාන් හේමන්ත 28, තරිඳු රත්නායක 72/3)

 

■ මීගමුව සහ ද්‍රවිඩ සංගමය අතර - කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - සියලු දෙනා දැවී 184  
මීගමුව පළමු ඉනිම - සියලු දෙනා දැවී 371
ද්‍රවිඩ සංගම් දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 387

(යොහාන් මෙන්ඩිස් 116, ධනංජය ද සිල්වා 167, මනෝජ් සරත්චන්ද්‍ර 25, ධක්ෂිත ප්‍රනාන්දු 23, ලක්ෂිත මානසිංහ 135/5, උපුල් ඉන්ද්‍රසිරි 106/2)

 


අදහස් (0)

පළඟ ශූරතාව මුවර්ස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.