Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නුවන් - වනිඳු - කුසල් - ධනුෂ්ක හතර දෙනාම ආබාධ ලයිස්තුවේ

නුවන් - වනිඳු - කුසල් - ධනුෂ්ක හතර දෙනාම ආබාධ ලයිස්තුවේ

දමින්ද විජේසූරිය - 2020 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් නතර කිරීමෙන් දින 81 කට පසුව ඊයේ නැවතත් පුහුණුවීම් ආරම්භ කෙරිණ. එහෙත් කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයන් වන නුවන් ප්‍රදීප්, වනිඳු හසරංග, කුසල් ජනිත් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක යන සිව්දෙනාම තවමත් ආබාධ ලයිස්තුවේ සිටින බැවින් මෙම ක්‍රීඩකයන් තම තමන්ගේ ආබාධ වලින් ඈත්වීම සඳහා යොමු කර තිබේ.

මෙම ක්‍රීඩකයන් සිවු දෙනාටම විවිධාකාරයේ ශාරීරික ආබාධ තිබූ අතර ඒවායින් මිදී, නැවතත් සුපුරුදු ක්‍රීඩා දිවියට පැමිණීම සඳහා විශේෂ ඒකකයකට යොමු කර ඇත.

කොළඹ 7 ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ ඉහළ මාලයේදී ඊයේ පැවැති පුහුණුව ආරම්භ කිරීමේ සැසියට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මෙන්ම සෞඛ්‍ය නිලධාරීහුද එක්ව සිටියහ. ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යය වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පුහුණුවීම් කිරීමේදී අනුගමනය කළ යුතු  නව කියාමාර්ග මොනවාද යන්න පහදා දීමයි.

මාස තුනකට ආසන්න කාලයකට පසුව නැවතත් පුහුණුවීම් ආරම්භ කිරීමට ලැබීම සම්බන්ධයෙන් ක්‍රීඩකයෝ මහත් සතුටින් සිටියහ. මේ අතරවාරයේදී ඇතැම් ක්‍රීඩකයෝ පෞද්ගලික මට්ටමින්ද, තම තමන්ගේ නිවෙස් ආශ්‍රිතවද පුහුණුවීම් කළහ.

“අපි ක්‍රිකට් පටන් ගන්න ඕනේ. අපට ආරක්‍ෂාකාරී පියවර මොනවාද කියලා සෞඛ්‍ය අංශ වලින් අපට කියලා දීල තියෙනවා.”
“වෙනදට වඩා ටිකක් අමරු වෙයි. ඒත් ඉදිරියේදී මේ විදිහට ක්‍රීඩා කරන්න අපිට පුරුදු වෙන්න වෙයි. මේක ඒ පුරුදු වීමට හොඳ අඩිතාලමක්. මේ සෞඛ්‍ය පුරුදුත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා” යයි ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න පැවසීය.

සෞඛ්‍ය නිර්දේශ කොතෙක් තිබුණද කණ්ඩායමක් ලෙසින් එකම විවේක කාමරයක් බෙදාගනිද්දී ඇතිවන සමිපභාවය සම්බන්ධයෙන් දිමුත් හොඳින්ම දැන සිටී. එහෙත් අවදානමක් ගැනීමට මෙය අවස්ථාවක් නොවන බැවින් ශ්‍රී ලංකා නායකයා වඩාත් සමබර දෑසින් අභියෝගය බාරගනී.
“ක්‍රීඩා කරද්දි සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම තමයි අපෙන් අපේක්‍ෂා කරන්නේ. ඒත් කණ්ඩායම් ක්‍රීඩාවකදී ඒ තත්ත්වය පවත්වාගෙන යන්න හරිම අමාරුයි. ඒත් ඒවාටත් ගැලපෙන විදිහේ දේවල් අපට කියාදීලා තියෙනවා”

“අපි භාවිතා කරන ඇඳුම්, තුවා, පන්දුව, වගේම අපි පරිහරණය කරන අනෙකුත් උපකරණ භාවිතා කරන ආකාරයත් පියවරෙන් පියවර අපිව දැනුවත් කළා. ඒ වගේම අපි නැවතිලා ඉන්න හෝටලේ ව්‍යායාම ශාලාව, පිහිනුම් තටාකය මේවා පාවිච්චි කරන ආකාරය ගැනත් අපිව දැනුවත් කළා” යයි පැවසූ දිමුත් කරුණාරත්න...

“ඒ සියලුම දේවල් සිහියේ තබාගෙන අපි දවස් 14 ක් වන මේ පුහුණු සැසිය අද ආරම්භ කළා” යයිද පැවසීය.
පුහුණුවීම් ආරම්භ කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයෝ 9 දෙනෙක් ඇතුළත් වෙති. පුහුණුකරුවෝ සිව් දෙනෙක්ද මෙම කණ්ඩායමට ඇතුළත් වෙති.


පුහුණුවීම් ආරම්භ කළ ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, කසුන් රාජිත, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, දසුන් ශානක


අදහස් (0)

නුවන් - වනිඳු - කුසල් - ධනුෂ්ක හතර දෙනාම ආබාධ ලයිස්තුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.