Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නායක විලියම්සන්ගෙන් අර්ධ ශතකයක්

නායක විලියම්සන්ගෙන් අර්ධ ශතකයක්

editorial - 2019 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය සහ එංගලන්තය අතර බේ ඕවල්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (22 වැනිදා) දෙවැනි දිනට අවසන් කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන සත්කාරක නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 144 ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 209 ක් පසුපසින් නවසීලන්තය පසුවිය.

හෙන්රි නිකලස් ලකුණු 26 ක් සහ බී.ජේ.වොට්ලින් ලකුණු 6 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 17 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඔවුන් සමත්වූහ.

නායක කේන් විලියම්සන් අර්ධ ශතකයක් ලබාසිටියදී සෑම් කරන්ගේ පන්දුවක් හමුවේ බෙන් ස්ටෝක්ස් අතට උඩපන්දුවක් දී දැවී ගියේය. පන්දු 85 කට මුහුණදුන් විලියම්සන් හතරේ පහර 7 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළ අතර රොස් ටේලර් ලකුණු 25 කට දවාගැනීමට බෙන් ස්ටෝක්ස් සමත්විය.

පළමු දිනට ඊයේ (21 වැනිදා) තරගය අවසන් කරනවිට සිය පළමු ඉනිම සඳහා කඩුලු 4 කට ලකුණු 241 ක් රැස්කර සිටි එංගලන්ත ඉනිමට අද දිනයේදී තවත් ලකුණු 112 ක් එක්වනවිට ඉතිරි කඩුලු 6 අහිමිවී ගියේය.

පළමු දිනය අවසන් කරනවිට ලකුණු 67 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි බෙන් ස්ටෝක්ස්ට ඊයේ දිනයේදී රැස්කරීමට හැකිවූයේ තවත් ලකුණු 24 ක් පමණි. ටිම් සෝතීගේ පන්දුවක් හමුවේ රොස් ටේලර් අතට උඩපන්දුවක් දෙමින් බෙන් ස්ටෝක්ස් දැවීයන විට පන්දු 146 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 91 ක් රැස්කර සිටියේය.

පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 74 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට බෙන් ස්ටෝක්ස් සහ ඔලී පොප් සමත්වූ අතර නවවැනි කඩුල්ල සඳහා ලකුණු 52 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ජොස් බට්ලර් සහ ජැක් ලීච් සමත්වූහ.

ජොස් බට්ලර් ලකුණු 43 ක් සහ ඔලී පොප් ලකුණු 29 ක් රැස්කරමින් එංගලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.

ටිම් සෝතී කඩුලු 4 ක් ද, නීල් වෝනර් කඩුලු 3 ක් සහ කොලින් ඩි‘ග්‍රෑන්ඩෝම් කඩුලු 2 ක් දවාගනිමින් නවසීලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

හෙට (23 වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.

 

එංගලන්ත පළමු ඉනිම - සියලුදෙනා දැවී 353
(රොරී බර්න්ස් 52, ඩොම් සිබ්ලි 22, ජෝ ඩෙන්ලි 74, බෙන් ස්ටෝක්ස් 91, ඔලී පොප් 29, ජොස් බට්ලර් 43, ටිම් සෝතී 88/4, නීල් වෝනර් 90/3, කොලින් ඩි‘ග්‍රෑන්ඩෝම් 41/2)

නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 144
(කේන් විලියම්සන් 51, රොස් ටේලර් 25, හෙන්රි නිකල්ස් නොදැවී 26, සෑම් කරන් 28/2)

...


අදහස් (0)

නායක විලියම්සන්ගෙන් අර්ධ ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.