Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තයට කඩුලු 5 ක ජයක්
සජීවී විචාරය

නවසීලන්තයට කඩුලු 5 ක ජයක්

editorial - 2019 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

...................................................................................................................................................................................

ශ්‍රී ලංකාව පරදවා කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්තය සමත් වෙයි.

...................................................................................................................................................................................

ඕවර 19.3 කදී - 5/175

(ඩැරල් මිචෙල් 25, මිචෙල් සෑන්ට්නර් 14, ඉසුරු උදාන 3.3-0-38-0)

     

...................................................................................................................................................................................

ඕවර 19 කදී - 5/172

(ඩැරල් මිචෙල් 23, මිචෙල් සෑන්ට්නර් 14, ලසිත් මාලිංග 4-0-23-2)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 19 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග කැඳවයි.

මාලිංගගේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුව වයිඩ් පන්දුවක් ලෙස හතරේ සීමාව කරා ඇදී යයි.

එම ඕවරයේ පස්වැනි පන්දුවට ඩැරල් මිචෙල්ගෙන් ලෝන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 18 කදී - 5/157

(ඩැරල් මිචෙල් 16, මිචෙල් සෑන්ට්නර් 11, ඉසුරු උදාන 3-0-36-0)

         

පන්දු යැවීමේ වෙනසක් කරමින් 18 වැනි ඕවරය යැවීම සඳහා ඉසුරු උදාන කැඳවයි.

උදානගේ තෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට මිචෙල් සෑන්ට්නර්ගෙන් ලෝන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 17 කදී - 5/144

(ඩැරල් මිචෙල් 15, මිචෙල් සෑන්ට්නර් 00, වනිඳු හසරංග 4-0-21-2)

         

වනිඳුගේ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් රොස් ටේලර් ලකුණු 48 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 3 යි)

හත්වැනි පිතිකරු ලෙස මිචෙල් සෑන්ට්නර් පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කරයි. ක්‍රීඩාංගණය ආවරණය යොදා වැසීමටද පියවර ගනී.

...................................................................................................................................................................................

ඕවර 16.5 කදී - 5/144

(ඩැරල් මිචෙල් 15, වනිඳු හසරංග 3.5-0-21-2)

       

වනිඳුගේ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් රොස් ටේලර් ලකුණු 48 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 3 යි)

...................................................................................................................................................................................

ඕවර 16 කදී - 4/141

(රොස් ටේලර් 47, ඩැරල් මිචෙල් 13, කසුන් රාජිත 4-0-44-0)

         

පන්දු යැවීමේ වෙනසක් කරමින් 16 වැනි ඕවරය යැවීම සඳහා කසුන් රාජිත කැඳවයි.

රාජිතගේ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ඩැරල් මිචෙල්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

එම ඕවරයේ අවසන් පන්දුවට රොස් ටේලර්ගෙන් ඩීප් මිඩ් විකට් සහ ලෝන් ඕන් කළාප අතරින් හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 15 කදී - 4/124

(රොස් ටේලර් 40, ඩැරල් මිචෙල් 03, වනිඳු හසරංග 3-0-18-1)

         

පන්දු යැවීමේ වෙනසක් කරමින් 15 වැනි ඕවරය යැවීම සඳහා වනිඳු හසරංග කැඳවයි.

වනිඳුගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 14 කදී - 4/121

(රොස් ටේලර් 39, ඩැරල් මිචෙල් 01, ලසිත් මාලිංග 3-0-08-2)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 14 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.

මාලිංගගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවට රොස් ටේලර්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ තෙවැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 44 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 4) 

හයවැනි පිතිකරු ලෙස ඩැරල් මිචෙල් පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 13 කදී - 3/113

(කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 44, රොස් ටේලර් 38, ඉසුරු උදාන 2-0-24-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 13 වැනි ඕවරය යැවීම සඳහා ඉසුරු උදාන කැඳවයි.

උදානගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක් එල්ල කල කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම්ගෙන් අවසන් පන්දුවට කවර් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 12 කදී - 3/96 

(කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 33, රොස් ටේලර් 33, අකිල ධනංජය 3-0-30-1)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 12 වැනි ඕවරය යැවීම සඳහා අකිල ධනංජය කැඳවයි.

ධනංජයගේ තෙවැනි ඕවරයේ දෙවැනි සහ තෙවැනි පන්දුවලට රොස් ටේලර්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් පිට පිට හයේ පහර දෙකක්.

...................................................................................................................................................................................

ඕවර 11 කදී - 3/79

(ටිම් සෙයිෆර්ට් 31, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 18, කසුන් රාජිත 3-0-27-0)

           

රාජිතගේ තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම්ගෙන් ලෝන් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක්.

එම ඕවරයේ අවසන් පන්දුවට රොස් ටෙලර්ගෙන් ෂෝට් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 10 කදී - 3/62

(කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 22, රොස් ටේලර් 11, වනිඳු හසරංග 2-0-15-1)

           

වනිඳුගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට රොස් ටේලර්ගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 9 කදී - 3/52

(ටිම් සෙයිෆර්ට් 21, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 03, කසුන් රාජිත 2-0-10-0)

         

රාජිතගේ දෙවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 8 කදී - 3/45

(කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 16, රොස් ටේලර් 01, වනිඳු හසරංග 1-0-06-1)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 8 වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග කැඳවයි.

වනිඳුගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් ටිම් සෙයිෆර්ට් ලකුණු 15 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

පස්වැනි පිතිකරු ලෙස රොස් ටේලර් පිටියට පිවිසෙයි.

එම ඕවරයේ සිවුවැනි පන්දුවට කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම්ගෙන් තර්ඩ් මෑන්  කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 7 කදී - 2/39

(ටිම් සෙයිෆර්ට් 15, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 11, කසුන් රාජිත 1-0-03-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 6 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත කැඳවයි.

රාජිතගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 6 කදී - 2/36

(ටිම් සෙයිෆර්ට් 13, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 10, ඉසුරු උදාන 1-0-07-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 6 වැනි ඕවරය යැවීම සඳහා වමතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන කැඳවයි.

ෂෙහාන්ගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවට කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම්ගෙන් එක්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 5 කදී - 2/29

(ටිම් සෙයිෆර්ට් 12, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 05, ෂෙහාන් ජයසූරිය 1-0-10-0)

         

පන්දු යැවීමේ වෙනසක් කරමින් 5 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය කැඳවයි.

ෂෙහාන්ගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවට ටිම් සෙයිෆර්ට්ගෙන් ඩීප් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ පස්වැනි පන්දුවට කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම්ගෙන් එක්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 4 කදී - 2/19

(ටිම් සෙයිෆර්ට් 07, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 00, අකිල ධනංජය 2-0-13-1)

           

ධනංජයගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ඩීප් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි දසුන් ශානක අතට උඩ පන්දුවක් දෙමින් මාටින් ගප්ටිල් ලකුණු 11 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

සිවුවැනි පිතිකරු ලෙස කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 3 කදී - 1/17 

(මාටින් ගප්ටිල් 11, ටිම් සෙයිෆර්ට් 06, ලසිත් මාලිංග 2-0-06-1)

         

මාලිංගගේ දෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

 

...................................................................................................................................................................................

ඕවර 2 කදී - 1/12

(මාටින් ගප්ටිල් 09, ටිම් සෙයිෆර්ට් 03, අකිල ධනංජය 1-0-11-0)

         

දෙවැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය කැඳවයි.

 

ධනංජයගේ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවට මාටින් ගප්ටිල්ගෙල් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 1 කදී - 1/1 

(මාටින් ගප්ටිල් 01, ටිම් සෙයිෆර්ට් 00, ලසිත් මාලිංග 1-0-01-1)

         

නවසීලන්ත ඉනිම ආරම්භ කිරීම සඳහා මාටින් ගප්ටිල් සමගින් කොලින් මුන්රෝ පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පැමිණෙයි.

මාලිංගගේ පළමු ඕවරයේ සිවුවැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් කොලින් මුන්රෝ ලකුණු නොළබා දැවී යයි.

තෙවැනි පිතිකරු ලෙස ටිම් සෙයිෆර්ට් පිටියට පිවිසෙයි.

මාලිංග විස්සයි-20 කඩුලු 98 යි. සහීඩ් අෆ්රීඩිගේ වැඩිම විස්සයි-20 කඩුලු සංඛ්‍යාෙව් ලෝක වාර්තාව සමකරයි.

...................................................................................................................................................................................

තරගය ජයගැනීම සඳහා නවසීලන්ත කණ්ඩායමට ලකුණු 175 ක ඉලක්කයක්.

...................................................................................................................................................................................

ඕවර 20 කදී - 4/174

(දසුන් ශානක 17, ඉසුරු උදාන 15, සෙත් රේන්ස් 4-0-58-0)

           

රේන්ස්ගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවට දසුන් ශානකගෙන් ලෝන් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක්.

එම ඕවරයේ තෙවැනි පන්දුවේදී දුවද්දී දැවී යාමකට හසු වෙමින් නිරෝෂන් දික්වැල්ල ලකුණු 33 කට දැවී යයි. (හතරේ පහර 2 යි)

හයවැනි පිතිකරු ලෙස ඉසුරු උදාන පිටියට පිවිසෙයි.

සිවුවැනි සහ පස්වැනි පන්දුවලට ඉසුරු උදානගෙන් ලෝන් ඕන් කළාපයට ඉහලින් පිට පිට හයේ පහර දෙකක්.

...................................................................................................................................................................................

ඕවර 19 කදී - 3/151

(නිරෝෂන් දික්වැල්ල 33, දසුන් ශානක 09, ටමි සවුති 4-0-20-2)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 17 වැනි ඕවරය යැවීම සඳහා නායක ටිම් සවුති පැමිණෙයි.

සවුතිගේ සිවුවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 18 කදී - 3/144

(නිරෝෂන් දික්වැල්ල 32, දසුන් ශානක 04, සෙත් රේන්ස් 3-0-35-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 18 වැනි ඕවරය යැවීම සඳහා සෙත් රේන්ස් කැඳවයි.

රේන්ස්ගේ තෙවැනි ඕවරයට ලකුණු 8 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 17 කදී - 3/136

(නිරෝෂන් දික්වැල්ල 26, දසුන් ශානක 02, ටමි සවුති 3-0-14-2)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 17 වැනි ඕවරය යැවීම සඳහා නායක ටිම් සවුති පැමිණෙයි.

සවුතිගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවේදී ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි මාටින් ගප්ටිල් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් පෙරේරා ලකුණු 79 කට දැවී යයි.

පස්වැනි පිතිකරුවා ලෙස දසුන් ශානක පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 16 කදී - 2/131

(කුසල් මෙන්ඩිස් 79, නිරෝෂන් දික්වැල්ල 23, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 3-0-31-0)

           

ග්‍රෑන්ඩ්හෝම්ගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවට ලෝන් ඕෆ් කළාපය හරහා හතරේ පහරක් එල්ල කල කුසල් මෙන්ඩිස්ගෙන් දෙවැනි පන්දුවට ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හතරේ පහරක්.

එම ඕවරයේම අවසන් පන්දුවට නිරෝෂන් දික්වැල්ලගෙන් ෂෝට් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 15 කදී - 2/114

(කුසල් මෙන්ඩිස් 66, නිරෝෂන් දික්වැල්ල 19, ඉෂ් සෝධි 3-0-23-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 15 වැනි ඕවරය යැවීම සඳහා ඉෂ් සෝධි කැඳවයි.

සෝධිගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට නිරෝෂන් දික්වැල්ලගෙන් මිඩ ඕන් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 14 කදී - 2/103

(කුසල් මෙන්ඩිස් 62, නිරෝෂන් දික්වැල්ල 13, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 2-0-14-0)

           

ග්‍රෑන්ඩ්හෝම්ගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 13 කදී - 2/95

(කුසල් මෙන්ඩිස් 56, නිරෝෂන් දික්වැල්ල 11, මිචේල් සෑන්ට්නර් 4-0-22-1)

          

පන්දු යැවීමේ වෙනසක් කරමින් 13 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් සෑන්ට්නර් කැඳවයි.

සෑන්ට්නර්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 12 කදී - 2/89

(කුසල් මෙන්ඩිස් 52, නිරෝෂන් දික්වැල්ල 09, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 1-0-06-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 12 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් කැඳවයි.

ග්‍රෑන්ඩ්හෝම්ගේ පළමු ඕවරයේ පස්වැනි පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් ෂෝට් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් කුසල් මෙන්ඩිස් සිය පස්වැනි විස්සයි20 අර්ධ ශතකය ලබා ගනී.

...................................................................................................................................................................................

ඕවර 11 කදී - 2/83 

(කුසල් මෙන්ඩිස් 47, නිරෝෂන් දික්වැල්ල 08, ස්කොට් කුගිලීජන් 2-0-17-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 11 වැනි ඕවරය යැවීම සඳහා ස්කොට් කුගිලීජන් කැඳවයි.

කුගිලීජන්ගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 10 කදී - 2/73

(කුසල් මෙන්ඩිස් 41, නිරෝෂන් දික්වැල්ල 04, මිචෙල් සෑන්ට්නර් 3-0-16-1)

           

සෑන්ට්නර්ගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ටිම් සෙයිෆර්ට්ගේ ස්ටම්ප් කිරීමකට හසුවීම නිසා අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 10 කට දැවී යයි.

සිවුවැනි පිතිකරු ලෙස නිරෝෂන් දික්වැල්ල පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 9 කදී - 1/68 

(කුසල් මෙන්ඩිස් 40, අවිෂ්ක ප්‍රනාන්දු 10, ඉෂ් සෝධි 2-0-12-0)

             

සෝධිගේ දෙවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 8 කදී - 1/61

(කුසල් මෙන්ඩිස් 38, අවිෂ්ක ප්‍රනාන්දු 07, මිචෙල් සෑන්ට්නර් 2-0-11-0)

           

සෑන්ට්නර්ගේ දෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 7 කදී - 1/56 

(කුසල් මෙන්ඩිස් 35, අවිෂ්ක ප්‍රනාන්දු 05, ඉෂ් සෝධි 1-0-05-0)

            

පන්දු යැවීමේ වෙනසක් කරමින් හත්වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක ඉෂ් සෝධි කැඳවයි. 

සෝධිගේ පළමු ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 6 කදී - 1/50 

(කුසල් මෙන්ඩිස් 32, අවිෂ්ක ප්‍රනාන්දු 03, මිචෙල් සෑන්ට්නර් 1-0-06-0)

            

පන්දු යැවීමේ වෙනසක් කරමින් හයවැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සෑන්ට්නර් කැඳවයි. 

සෑන්ට්නර්ගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 5 කදී - 1/44 

(කුසල් මෙන්ඩිස් 27, අවිෂ්ක ප්‍රනාන්දු 02, ටිම් සවුති 2-0-09-1)

             

පන්දු යැවීමේ වෙනසක් කරමින් පස්වැනි ඕවරය යැවීම සඳහා ටිම් සවුති පැමිණෙයි.

සවුතිගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් පෙරේරා ලකුණු 11 කට දැවී යයි. (හතරේ පහර 2 යි)

තෙවැනි පිතිකරුවා ලෙස අවිෂ්ක ප්‍රනාන්දු පිටියට පිවිසෙයි. 

...................................................................................................................................................................................

ඕවර 4 කදී - 0/37

(කුසල් මෙන්ඩිස් 24, කුසල් පෙරේරා 11, සෙත් රේන්ස් 2-0-27-0)

         

රෙන්ස්ගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවට මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ කුසල් මෙන්ඩිස්ගෙන් දෙවැනි පන්දුවට බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක් සහ තෙවැනි පන්දුවට ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක්.

එම ඕවරයේම අවසන් පන්දුවට කුසල් පෙරේරාගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 3 කදී - 0/18 

(කුසල් මෙන්ඩිස් 09, කුසල් පෙරේරා 07, ස්කොට් කුගිලීජන් 1-0-07-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් තෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ  වේග පන්දු යවන ක්‍රීඩක ස්කොට් කුගිලීජන් කැඳවයි.

කුගිලීජන්ගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවට කුසල් පෙරේරාගෙන් මිඩ් ඕෆ් කළාප හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 2 කදී - 0/11 

(කුසල් මෙන්ඩිස් 08, කුසල් පෙරේරා 02, සෙත් රේන්ස් 1-0-08-0)

         

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ  වේග පන්දු යවන ක්‍රීඩක සෙත් රේන්ස් කැඳවයි.

රෙන්ස්ගේ පළමු ඕවරයේ අවසන් පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් කවර් සහ පොයින්ට් කළාප අතරින් හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 1 කදී - 0/2 

(කුසල් මෙන්ඩිස් 01, කුසල් පෙරේරා 01, ටිම් සවුති 1-0-02-0)

         

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා කුසල් මෙන්ඩිස් සමගින් කුසල් පෙරේරා පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති පැමිණෙයි.

සවුතිගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................................

ශ්‍රී ලංකා කණ්ඩායම

ලසිත් මාලිංග (නායක), කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, අකිල ධනංජය, ඉසුරු උදාන, වනිඳු හසරංග සහ කසුන් රාජිත

නවසීලන්ත කණ්ඩායම

ටිම් සවුති (නායක), මාටින් ගප්ටිල්, කොලින් මුන්රෝ, රොස් ටේලර්, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හොම්, ඩැරිල් මිචෙල්, මිට් සෙයිෆර්ට්, මිචෙල් සෑන්ට්නර්, සෙත් රේන්ස්, ස්කොට් කුගිලීජන් සහ ඉෂ් සෝධි

...................................................................................................................................................................................

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීී පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

...................................................................................................................................................................................

අද උදෑසන සිට වරින් වර පැවැති වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාපිටිය කිහිප වතාවක්ම වසා දැමීමටත් නැවත විවෘත කිරිමටත් සිදුවිය. කාසියේ වාසිය උරගා බැලීම පස්වරු 6.35 දක්වා ප්‍රමාද වූ හෙයින් පස්වරු 7.05 ට තරගය ආරම්භ කිරීමට තීරණය කෙරිණ. 


අදහස් (0)

නවසීලන්තයට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.