Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්ත පිතිකරුවෝ හඹාගොස් ජයගනිති

නවසීලන්ත පිතිකරුවෝ හඹාගොස් ජයගනිති

editorial - 2020 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීයාව සහ නවසීලන්තය අතර වෙලින්ටන්හි සෙඩන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද නවසීලන ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 348 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ රොස් ටේලර්, පන්දු 84 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 109 ක් රැස්කරමින් නවසීලන්ත ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් හෙන්රි කෝල්ස් (78) සමග එක්ව පන්දු 56 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ටේලර්, ඉන් නොනැවතී ටොම් ලේතම් (69) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු පන්දු 79 කදී ලකුණු 138 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පන්දු 82 කට මුහුණදුන් නිකෝල්ස් හතරේ පහර 11 කින්ද, පන්දු 48 කට මුහුණදුන් ලේතම් හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින්ද සිය අර්ධ ශතක සැරසූහ. මාටින් ගප්ටිල් (32) සහ නිකෝල්ස් අතර නවසීලන්ත ඉනිමේ ආරම්භක කඩුල්ල සඳහා පන්දු 94 කදී පැවැති සම්න්ධතාව ලකුණු 85 කි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකණු 347 ක් ලබාගත් අතර එහිදී සිය මංගල එක්දින ශතකය ලබාගත් ශ්‍රෙයාස් අයියර්, පන්දු 107 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 103 ක් රැස්කරමින් ඉන්දීය ඉනිමේ කොඳු නාරටිය බවට පත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 54 ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනා ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුවද, නායක විරාට් කෝලි (51) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 120 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට අයියර් සමත් විය. එහිදී කෝලි සිය 58 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තේ හතරේ පහර 6 ක් සමගිනි.

ඉෂ් සෝධිගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් කෝලි දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් වූ අතර එතැන් පටන් ලොකේෂ් රාහුල් (නොදැවී 88) සමග එක්වූ අයියර්, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 101 කදී ලකුණු 136 ක වේගවත් සම්බන්ධතාවක්ද ගොඩනැගීමට සමත් විය. වේගවත් පිතිහරඹයක නිරත වූ රාහුල් පන්දු 64 කදී ලබාගත් සිය 7 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහර 6 කින් සහ හතරේ පහර 3 කින් සැරසීය.

ටිම් සවුගේ පන්දුවක් හමුවේ මිචෙල් සෑන්ට්නර් අතට උඩ පන්දුවක් දෙමින් අයියර් දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි කේදර් ජාදව් (නොදැවී 26) සහ රාහුල් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 55 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පන්දු 15 කට මුහුණදුන් ජාදව් ලකුණු රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.


ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 4 කට 347
(ප්‍රිත්වි ෂෝ 20, මායන්ක් අගර්වාල් 32, විරාට් කෝලි 51, ශ්‍රෙයාස් අයියර් 103, ලොකේෂ් රාහුල් නොදැවී 88, කේදර් ජාදව් නොදැවී 26, ටිම් සවුති 85/2)

නවසීලන්තය - ඕවර 48.1 කදී කඩුලු 6 කට 348
(මාටින් ගප්ටිල් 32, හෙන්රි නිකෝල්ස් 78, රොස් ටේලර් නොදැවී 109, ටොම් ලේතම් 69, කුල්දීප් යාදව් 84/2)


 

-036

 


අදහස් (0)

නවසීලන්ත පිතිකරුවෝ හඹාගොස් ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.