Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේශීය පළමු පෙළ වාර්තාව චන්දිමාල්ට

දේශීය පළමු පෙළ වාර්තාව චන්දිමාල්ට

රොෂාන් ගුණරත්න - 2020 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

 

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයකු ඉනිමකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට යුදහමුදා පිලේ දිනේෂ් චන්දිමාල් (නොදැවී 354) ඊයේ (26 වැනිදා) සමත්විය. සුපිරි කණ්ඩායම් 8 සමගින් පැවැත්වෙන තරගාවලියේ යුදහමුදා පිල සහභාගිවන අවසන් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ සැරසන්ස් පිලට එරෙහිව නොදැවී ලකුණු 354 ක් රැස්කරමින් මෙම දස්කම කිරීමට චන්දිමාල්ට හැකිවිය.

මින් පෙර ද්‍රවිඩ සංගම් පිලේ කිත්රුවන් විතානගේ ගුවන් හමුදා පිලට එරෙහිව ලකුණු 351 ක් රැස්කරමින් අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයකු ඉනිමකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තබා තිබුණි. පන්දු 391 කට මුහුණදුන් චන්දිමාල්ගේ ඉනිමට හයේ පහර 9 ක් සහ හතරේ පහර 33 ක් ඇතුළත් විය.

චන්දිමාල් වාර්තාව අලුත් කිරීමත් සමගින් පළමු ඉනිම සඳහා කඩුලු 8 ක් දැවී ලකුණු 642 ක් රැස්කර සිටි යුදහමුදා පිල ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීම සඳහා සැරසන්ස් පිලට ආරාධනා කළේය.

චන්දිමාල් ලබාගත් මෙම ත්‍රිත්ව ශතකයත් සමගින් මෙවර අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී ලකුණු 1000 සම්පූර්ණ කළ දෙවැනි පිතිකරුවා බවට පත්වීමටද ඔහුට අවස්ථාව ලැබුණි. තරග 8 කට ක්‍රීඩාකර ඇති චන්දිමාල් ඉනිම 13 කදී ශතක 3 ක් සහ අර්ධ ශතක 4 ක් සමගින් ලකුණු 1027 ක් රැස්කිරීමට සමත්වූ අතර ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 93.36 ක් ලෙස සටහන් විය.

කෙසේ වෙතත් මහේල ජයවර්ධන දකුණු අප්‍රිකාවට එරෙහිව එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයකදී ලබාගත් ලකුණු 374 පළමු පෙළ තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් තවමත් ඉදිරියෙන් තිබේ.


පළමු පෙළ තරග වලදී ලකුණු 300 සීමාව පසුකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ
මහේල ජයවර්ධන (374), දිනේෂ් චන්දිමාල් (නොදැවී 354), කිත්රුවන් විතානගේ (351), මිනෝද් භානුක (342), තිළිණ කණ්ඩම්බි (නොදැවී 340), සනත් ජයසූරිය (340), කුසල් ජනිත් පෙරේරා (336), කුමාර් සංගක්කාර (319), උදාර ජයසුන්දර (318) සහ රමේෂ් මෙන්ඩිස් (නොදැවී 300)

 

 


අදහස් (3)

දේශීය පළමු පෙළ වාර්තාව චන්දිමාල්ට
  • sisira Thursday, 27 August 2020 02:54 AM

    ඔච්චර හොඳට සෙල්ලම් කළත් අසන්ත ඉන්නකම් චන්දිමාල්ට නායකත්වය ලැබෙන්නේ නැහැ..

    Reply 0       0

    Ranjith Thursday, 27 August 2020 03:15 AM

    මගේ සුබපැතුම්... චන්දිමාල් තරම් තේරීම් කමිටුවේ අසාධාරණයට ලක්වුණ කෙනෙක් නැතිතරම්. මේ නිසා ඔහුගේ බිඳවැටුණු ආත්ම විශ්වාසය නැවත ගොඩඑනු ඇති සිතමි.

    Reply 0       0

    sisira Thursday, 27 August 2020 09:12 AM

    කොච්චර හොඳට සෙල්ලම් කරත්, ඉන්නකම් නායකකම නම් ලැබෙන්නේ නැහැ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.