Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙවැනි කොටසේ ශූරතාව කොළඹ රාජකීයයන්ට

දෙවැනි කොටසේ ශූරතාව කොළඹ රාජකීයයන්ට

රොෂාන් ගුණරත්න - 2019 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ශූරතාව හිමිකර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (11 වැනිදා) සමත්විය. කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකරගත් රාජකීය විද්‍යාලය ශූරතාව හිමිකර ගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශාන්ත අන්තෝනී විද්‍යාලයට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 266 ක් පමණි. 

වමතින් පිත්ත හසුරන කල්හාර සේනාරත්න පන්දු 172 කදී හතරේ පහර 13 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස්කරමින් ශාන්ත අන්තෝනී ඉනිම ගොඩනැගීමට සමත්වූ අතර නිම්නක ජයතිලක සමගින් එක්ව අවසන් කඩුල්ල සඳහා ලකුණු 53 ක සම්බන්ධතාවයක් පැවැත්වීමටද ඔහු සමත්විය.

මනුල පෙරේරා සහ කමිල් කඩුලු 3 බැගින්ද කවිඳු පතිරත්න කඩුලු 2 ක්ද දවාගනිමින් රාජකීය විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශාන්ත අන්තෝනී විද්‍යාලය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට පිළිතුරු ලෙස රාජකීය විද්‍යාලය සියලුදෙනා දැවී සිය පළමු ඉනිම සඳහා ලකුණු 314 ක් රැස්කිරීමට සමත්විය.

අහන් සංචිත පන්දු 148 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 116 ක් රැස්කරමින් රාජකීය විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට අවශ්‍ය අඩිතාලම දමාදීමට සමත්වූහ. අහන් සංචිතට අනගි සහයක් ලබාදුන් භාග්‍ය දිසානායක ශතකයට ලකුණු 9 ක් මෙපිටින් සිටියදී නිම්නක ජයතිලකගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. පන්දු 153 කට මුහුණදුන් භාග්‍ය දිසානායකගේ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 91 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ නිම්නක ජයතිලක ලකුණු 119 කට කඩුලු 5 ක් දවගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ශාන්ත අන්තෝනී විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රමාණවත් නොවීය.

 

ශා.අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 88.5 කදී සියලුදෙනා දැවී ලකුණු 266
(කල්හාර සේනාරත්න නොදැවී 102, අසිත වන්නිනායක 32, තමාශණ අබේකෝන් 31, මොහොමඞ් කමීල් 27, මනුල පෙරේරා 50/3, කමිල් මිෂාර 73/3, කවිඳු පතිරත්න 33/2)

රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 84.3 කදී සියලුදෙනා දැවී ලකුණු 314
(අහන් සංචිත 116, භාග්‍ය දිසානායක 91, පසිඳු සූරියබණ්ඩාර 52, නිම්නක ජයතිලක 119/5)


අදහස් (0)

දෙවැනි කොටසේ ශූරතාව කොළඹ රාජකීයයන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.