Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිල්ෂාන් - දුවිඳු බී.ආර්.සී. පිල බේරාගනිති

දිල්ෂාන් - දුවිඳු බී.ආර්.සී. පිල බේරාගනිති

ශානුක අරවින්ද - 2020 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිල්ෂාන් ද සොයිසා (නොදැවී 105) සහ දුවිඳු තිලකරත්න (නොදැවී 4) එක්ව පැයකට ආසන්න කාලයක් පුරා අවසන් කඩුලු 2 ආරක්ෂා කරගනිමින් නියැලුණ ඉවසිලිවන්ත පිතිහරඹය හමුවේ හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට බී.ආර්.සී. කණ්ඩායම ඊයේ (12 වැනිදා) සමත් විය.

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රීකට් තරගාවලියේ දෙවැනි වටයේ තරගයක් වූ තරගයේ 67 වැනි ඕවරයේදී බී.ආර්.සී. දෙවැනි ඉනිමේ 8 වැනි කඩුල්ලත් ලකුණු 171 ක්ව තිබියදී බිඳ වැටිණ. එහෙත් දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් සිය කණ්ඩායම පෙනි පෙනී තිබූ පරාජයෙන් ගළවාගත් දිල්ෂාන් ද සොයිසා, පන්දු 157 කට මුහුණ දෙමින් හයේ පහර 4 ක් සහ හතරේ පහර 12 ක් සමග සිය ශතකය සම්පූර්ණ කළේය.

හෂේන් රාමනායක (20) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගූ දිල්ෂාන්, ඉන් නොනැවතී දුවිඳු තිලකරත්න සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් හලාවත මේරියන්ස් කණ්ඩායමේ බලාපොරොත්තු සුනුවිසුණු කර දැමුවේය.

එම තරගයේදීම පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දක්සම් දැක්වූ මේරියන්ස් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස්, නොදැවී ලකුණු 150 ක් රැස්කරමින් සහ ලකුණු 43 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වුවද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

ඊයේ දිනයේදී යුද හමුදා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් (129) සහ තුලින ඩිල්ෂාන් (නොදැවී 116) එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව ශතක ලබා ගැනීමට සමත් වූහ. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේදී යුද හමුදා දෙවැනි ඉනිමේ පළමු කඩුලු 2 ලකුණු 0 දී දැවී ගියද එතැන් පටන් ඩිල්ෂාන් සමග එක්වූ චන්දිමාල්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 241 ක සම්බන්ධතාවක් ගෙඩනැගුවේය. චන්දිමාල්ගේ ශතකයට හතරේ පහර 15 ක් ඇතුළත් වූ අතර ඩිල්ෂාන්ගේ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් සමන්විත විය.

පළඟ ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන තරගයකදී ලංකන් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට මීගමුව ක්‍රීඩා සමාජය සමත් විය. මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේදී ලංකන් කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 111 කට සීමා කිරීම සඳහා පුරෝගාමී වූ උපුල් ඉන්ද්‍රසිරි ලකුණු 34 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී මුවර්ස් සහ බදුරලිය කණ්ඩායම් අතර පැවැති තරගයද අවසන් මොහොත දක්වාම ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. තරගය ජය පැරදුමෙන් තොරව නිමාවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 497 ක ඉලක්කයක් හඹායමින් සිටි බදුරලිය කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 120 ක් ලබා සිටියේය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ කවිෂ්ක අංජුල පළමු ඉනිමේදී ලකුණු 39 කට කඩුලු 5 ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 35 කට කඩුලු 6 ක්ද දවාගැනීමට සමත් විය.  


සී.සී.සී සහ රාගම කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
සී.සී.සී පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 499
(මිනෝද් භානුක 88, කුසල් මෙන්ඩිස් 139, අෂාන් ප්‍රියන්ජන් 58, වනිඳු හසරංග 88, ළහිරු මධුෂංක නොදැවී 57, අමිල අපොන්සු 29, බිනුර ප්‍රනාන්දු 72/4)
රාගම පළමු ඉනිම - සියලු දෙනා දැවී 132
(සමින්ද ප්‍රනාන්දු 16, රොෂේන් සිල්වා 27, ජනිත් ලියනගේ 43, මාලින්ද පුෂ්පකුමාර 35/4, ළහිරු මධුෂංක 16/2, වනිඳු හසරංග 36/2)
රාගම දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 242
(සමින්ද ප්‍රනාන්දු 23, රොෂේන් සිල්වා 41, සුපේෂල ජයතිලක 19, නිෂාන් මධුෂංක 29, ජනිත් ලියනගේ නොදැවී 50, ඉෂාන් ජයරත්න 35, බිනුර ප්‍රනාන්දු 29, මාලින්ද පුෂ්පකුමාර 55/4, අෂාන් ප්‍රියන්ජන් 64/2, වනිඳු හසරංග 66/2)

 
කෝල්ට්ස් සහ සැරසන් කණ්ඩායම් අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 408
(සදීර සමරවික්‍රම 41, අවිෂ්ක ප්‍රනාන්දු 66, සන්තුෂ් ගුණතිලක 100, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 173, කසුන් රාජිත 85/3, ප්‍රමෝද් මධුවන්ත 72/2)
සැරසන් පළමු ඉනිම - සියලු දෙනා දැවී 182
(නවිඳු විතානගේ 32, ගමිඳු කනිෂ්ක 45, මිලින්ද සිරිවර්ධන 27, සාලිය සමන් 38, නිසල තාරක 34/3, දිල්ෂාන් මධූෂංක 37/2, ප්‍රභාත් ජයසූරිය 41/2)
සැරසන් දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 106
(සිතාර ගිම්හාන් 27, නවිඳු විතානගේ නොදැවී 34, ගමිඳු කනිෂ්ක 23, මිලින්ද සිරිවර්ධන නොදැවී 17, අකිල ධනංජය 19/2)


යුද හමුදා සහ එන්.සී.සී. කණ්ඩායම් අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
යුද හමුදා පළමු ඉනිම - සියලු දෙනා දැවී 269
(තුලින ඩිල්ෂාන් 14, දිනේෂ් චන්දිමාල් 19, අසේල ගුණරත්න 50, හිමාෂ ලියනගේ 46, මහේෂ් කුමාර 41, ජනිත් සිල්වා 54, චතුරංග සිල්වා නොදැවී 18, දිලේෂ් ගුණරත්න 42/5, චතුරංග ද සිල්වා 90/3)
එන්.සී.සී. පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 417
(ළහිරු උදාර 105, හසිත බෝයගොඩ 15, උපුල් තරංග 121, ඇන්ජලෝ පෙරේරා 29, මහේල උඩවත්ත නොදැවී 77, සහන් ආරච්චිගේ 25, චාමික කරුණාරත්න නොදැවී 30, සීක්කුගේ ප්‍රසන්න 91/3)
යුද හමුදා දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 255
(තුලින ඩිල්ෂාන් නොදැවී 116, දිනේෂ් චන්දිමාල් 129, දිලේෂ් ගුණරත්න 13/2)


හලාවත මේරියන්ස් සහ බී.ආර්.සී. කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 195
(ඕෂද ප්‍රනාන්දු 42, පුලින තරංග 40, කසුන් විදුර 38, තික්ෂිල ද සිල්වා 35, භානුක රාජපක්ෂ 26/3, හෂේන් රාමනායක 43/3, දුවිඳු තිලකරත්න 54/3)
බී.ආර්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 87
(ලසිත් ලක්ෂාන් 18, දේෂාන් ඩයස් 24, අසිත ප්‍රනාන්දු 43/4, නිමේෂ් විමුක්ති 06/3, තික්ෂිල ද සිල්වා 13/3)
හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 385
(ලසිත් කෲස්පුල්ලේ 15, ඕෂද ප්‍රනාන්දු 30, කමිඳු මෙන්ඩිස් නොදැවී 150, ෂෙහාන් ජයසූරිය 35, කසුන් විදුර 87, තික්ෂිල ද සිල්වා 41, භානුක රාජපක්ෂ 60/3, දුවිඳු තිලකරත්න 71/2)
බී.ආර්.සී. දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 231
(ලසිත් ලක්ෂාන් 18, දේෂාන් ඩයස් 28, ශානුක දුලාජ් 25, දිල්ෂාන් ද සොයිසා නොදැවී 105, හෂේන් රාමනායක 20, කමිඳු මෙන්ඩිස් 43/4, තික්ෂිල ද සිල්වා 23/2, පුලින තරංග 32/2)


පළඟ ශූරතාවලියේ තරග
ලංකන් සහ මීගමුව කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
ලංකන් පළමු ඉනිම - සියලු දෙනා දැවී 270
(ළහිරු ඩිල්ෂාන් 43, චානක රුවන්සිරි 124, සවන් කංකානම්ගේ 14, දුනිත් වෙල්ලාගේ 37, ලක්ෂිත රසාංජන 85/5, උපුල් ඉන්ද්‍රසිරි 79/3)
මීගමුව පළමු ඉනිම - සියලු දෙනා දැවී 238
(අෂේන් සිල්වා 53, මාධව වර්ණපුර 64, රොස්කො තටීල් 63, දුනිත් වෙල්ලාලගේ 66/3, ගීත් කුමාර 33/2, චානක රුවන්සිරි 45/2)
ලංකන් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 111
(කසුන් අබේරත්න 20, චානක රුවන්සිරි 30, රිසිත් උපමාල් 36, උපුල් ඉන්ද්‍රසිරි 34/5, රොෂේන් ප්‍රනාන්දු 29/3)
මීගමුව දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 147
(ඩිල්ෂාන් මුණවීර 25, අෂේන් සිල්වා 18, පසිඳු ලක්ෂන්ක 29, මාධව වර්ණපුර නොදැවී 33, රොස්කො තටීල් නොදැවී 38, දුනිත් වෙල්ලාලගේ 60/3)


එස්.එස්.සී. සහ ද්‍රවිඩ සංගම් කණ්ඩායම් අතර කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 254
(සඳුන් වීරක්කොඩි 35, චරිත් අසලංක 24, දසුන් ශානක 35, සචිත්‍ර සේනානායක 81, ආකාෂ් සේනාරත්න 37, ධම්මික ප්‍රසාද් 21, සුරංග ලක්මාල් 36/4, ඉසුරු උදාන 43/2, ප්‍රමෝද් මධුෂාන් 53/2)
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 271
(යොහාන් මෙන්ඩිස් 31, රන්මිත් ජයසේන 82, නවෝද් පරණවිතාන 71, ධනංජය ද සිල්වා 53, ධක්ෂිත ප්‍රනාන්දු 49, මදුක ලියනපතිරගේ 25, ජෙෆ්රි වැන්ඩසේ 91/4, සචිත්‍ර සේනානායක 63/3, ධම්මික ප්‍රසාද් 37/2)
එස්.එස්.සී. දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 271
(සඳුන් වීරක්කොඩි 68, චරිත් අසලංක 94, දසුන් ශානක 30, සම්මු අෂාන් 37, ක්‍රිෂාන් සංජුල නොදැවී 20, මදුක ලියනපතිරගේ 51/2)


මුවර්ස් සහ බදුරලිය කණ්ඩායම් අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
මුවර්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 340
(දිනුක දිල්ෂාන් 46, නිපුන් කරුණානායක 27, රමේෂ් මෙන්ඩිස් 40, අදීෂ තිලන්චන 53, අනුක් ප්‍රනාන්දු 27, අයන සිරිවර්ධන 83, කවිෂ්ක අංජුල 42, ළහිරු සමරකෝන් 86/5, දුෂාන් හේමන්ත 57/2, බුද්ධික සංජීව 75/2)
බදුරලිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 149
(සාලින්ද උෂාන් 67, දුනිත් ජයතුංග 22, දුෂාන් හේමන්ත 25, කවිෂ්ක අංජුල 39/5, සචිත්‍ර සේරසිංහ 12/3, රමේෂ් මෙන්ඩිස් 37/2)
මුවර්ස් දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 305
(පබසර වඩුගේ 36, මොහොමඞ් ශමාස් 48, සචිත්‍ර සේරසිංහ 60, නිපුන් කරුණානායක 58, රමේෂ් මෙන්ඩිස් 61, අදීෂ තිලංචන 28, ළහිරු සමරකෝන් 33/2)
බදුරලිය දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 120
(සාලින්ද උෂාන් 23, දුෂාන් හේමන්ත 43, කවිෂ්ක අංජුල 35/6, ප්‍රවීන් ජයවික්‍රම 43/3)


අදහස් (0)

දිල්ෂාන් - දුවිඳු බී.ආර්.සී. පිල බේරාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.