Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හැදීම මෝඩ වැඩක්...

දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හැදීම මෝඩ වැඩක්...

editorial - 2020 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A


අතිවිශාල මුදලක් වැය කර අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමට වඩා එම මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ සෑබෑ සංවර්ධනයට යොදවන්නැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරමින් හෝමාගම දියගම අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.


“මේ ක්‍රීඩාංගණය හදනවා කියලා ප්‍රකාශ කළ අවස්ථාව එවැන්නකට සුදුසු වෙලාවක් නෙමෙයි.....අද නව කොරෝනා වසංගතය නිසා ‍අපේ රටේ බොහෝ දෙනා පීඩාවට පත් වෙලා තියෙනවා. එදිනෙදා හම්බ කරගෙන ජීවත් වෙන අය දැඩි අසරණතාවයට පත් වෙලා තියෙනවා. මේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ‍අපේ ම ක්‍රීඩා ලෝලින්“

“පාරට ගියොත් අපිට බඩගින්නේ ඉන්න අය ඕනම තැනකින් හොයා ගන්න පුළුවන්. මිනිස්සු කෑම හොයා ගන්න දුක් විඳිනවා. ඒ අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරන්න හදනවා. මේක‍ මෝඩ වැඩක්. මම ඇත්තට බලාපොරෝත්තු වෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මෝඩ වැඩේ නතර කරන්න අවධානය යොමු කරයි කියලා.....'' යයිද හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පැවසීය.  

''අපේ රටේ ඇති වෙන්න ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තියෙනවා. ඒවායින් ඓතිහාසික තරග රැසක් පැවැති අස්ගිරිය සහ මොරටුව වැනි ක්‍රීඩාංගණ අද අත්හැර දමා තිබෙනවා“

“අප කළ යුත්තේ එැවැනි ක්‍රීඩාංගණ දියුණු කිරීමට සැලසුම් සකස් කිරීම මිසක් අලුතින් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ සැදීමට අතිවිශාල මුදලක් වැය කිරීම නෙමෙයි.‍ අපේ රටේ දැනටමත් ඕස්ට්‍රේලියාවටටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගණ ප්‍රමාණක් තියෙනවා. සමහර විට ඒ බව අපේ රටේ ක්‍රිකට් ලෝලීන් නොදන්නවා ඇති...'' යයි අර්ජුන රණතුංග මහතාගේ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

අර්ජුන රණතුංග මහතා වසර 2008 දී, ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදීත් මේ ආකාරයෙන් අති විශාල මුදලක් වැය කරමින් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සෑදීමට විරුද්ධව සිය හඬ අවදි කළේය.
පසුව ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති තනතුරින් ඉවත් කරන ලද අතර 2011 වසරේදී ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කෙරිණ.

"අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා දියුණු කළ යුතුයි. විශේෂයෙන්ම පාසල්වල ක්‍රීඩාංගණ දියුණු කිරීමට මෙන් ම පාසල් ක්‍රීඩකයින්ට අවශ්‍ය ක්‍රිකට් උපකරණ ලබා දීමටත් අපේ අවධානය යොමු විය යුතුයි.“

“පිති තුනකින් පමණක් ක්‍රීඩා කරන පාසල් කණ්ඩායම් කොළඹ පවා තිබෙනවා. පිට පළාත්වලදී මේ තත්ත්වය තවත් බරපතලයි.  සනත් ජයසූරියලා මුත්තයියා මුරලිදරන්ලා ඉන්නේ පිට පළාත්වල. දේශපාලනඥයින් සතුටු කරමින් අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හදනවාට වඩා පිට පළාත් වල සිටින දක්ෂ ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට අපි උදව් කළ යුතුයි...''යි ද අර්ජුන රණතුංග මහතා පවසයි.

''ගණන් කරලා බලන්න සමහර ක්‍රීඩාංගණවල වසරකට තරග කීයද පැවැත්වෙන්නේ. පසුගිය වසර තුනේදී ම හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළේ එකම තරගයක් විතරයි. ඒ වගේම පසුගිය වසර තුනේදීම දඹුල්ල ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර තරග පවත්වා නැහැ. අපට දැනටමත් තියෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල වසරකට එක තරගයක්වත් පවත්වා නැත්නම් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමේ තියෙන ප්‍රයෝජනය මොකද්ද ..? “
“කිසිම ‍ප‍්‍රයෝජනයක් ‍නැහැ. මේවා කරන්නේ දේශපාලනඥයින් සතුටු කරන්න..“ යයිද එම මාධ්‍ය නිවේදනයෙන් කියයි.


අදහස් (2)

දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හැදීම මෝඩ වැඩක්...
  • anura Thursday, 21 May 2020 12:10 PM

    සමහර දේවල් පිළිබඳව අදහස් දැක්වීමට ඉක්මන් වීම නුවණට හුරු කාරණයක් නොවේ. මෙම ක්‍රීඩාංගණය සෑදී පසු කලෙක ඉතා ජනප්‍රිය වුවහොත් මුල් කාලයේදී එයට විරුද්ධ වූ අයට අනික් අය හිනාවීමට ඉඩ තිබෙනවා.

    Reply 0       0

    latha Saturday, 23 May 2020 10:23 AM

    අර්ජුන අයියේ ඔයා හරි ... හොරු එළවමු...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.