Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිමුත් ඇදහිය නොහැකි පිතිහරඹයක

දිමුත් ඇදහිය නොහැකි පිතිහරඹයක

editorial - 2021 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (20 වැනිදා) පැවැති විස්සයි-20 පුහුණු තරගයේදී ඇදහිය නොහැකි පිතිහරඹයක නිරත වූ දිමුත් කරුණාරත්න පන්දු 53 කදී ලකුණු 89 ක් වාර්තා කිරීමට සමත් විය. ටෙස්ට් මෙන්ම එක්දින කණ්ඩායම් දෙකේම නායකත්වය දරන දිමුත් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූවද තරගයේ ජයග්‍රහණය දසුන් ශානකගේ පිලට හිමිවිය.
 
ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නව නායකයාද වන දසුන් ශානක තම පිලේ ජයග්‍රහණය සඳහා කදිම ආරම්භයක් ලබාගත්තේ නොදැවී ලකුණු 62 ක් රැස්කරමිනි. ඔහුට දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිස්සංක දෙදෙනාගෙන් හොඳ සහයෝගයක් ලැබුණු හෙයින් නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 4 කට ලකුණු 194 ක් ලබාගත්තේය. එහෙත් කරුණාරත්නගේ කණ්ඩායමට ඕවර 20 අවසානයේදී ලබාගත හැකිවූයේ ලකුණු 175 ක් පමණි.

ශ්‍රී ලංකාවේදී පැවැති එල්.පී.එල්. තරගාවලියේදී ස්ථානයක් පවා අහිමි වූ දිමුත් කරුණාරත්න ටෙස්ට් සහ එක්දින තරග වෙනුවෙන්ම වර්ගීකරය කරන ලද පිතිකරුවකු ලෙසින් සැලකෙන අතර මේ දක්වා විස්සයි-20 අන්තර්ජාතික තරගයකට හෝ සහභාගි වී නැත.

එවන් තත්ත්වයක් තිබියදීත් අද දිනයේ ඇදහිය නොහැකි පිතිහරඹයක නිරත වූ වමත් ආරම්භක පිතිකරුවා පන්දු 29 කදී සිය අර්ධ ශතකය කරා අවතීර්ණ වූයේ මිඩ් විකට් කලාපයට ඉහළින් නුවන් ප්‍රදීප් හමුවේ ගැසූ අලංකාර හයේ පහරකිනි. ඒ වන විටත් හතරේ පහර 8 ක් ඔහුගේ අර්ධ ශතකයට ඇතුළත් වී තිබිණ.

තරගයේ නිමාවට පන්දු 17 ක් ඉතිරිව තිබියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ල වැදීම නිසා දැවී දිමුත් යන විට මුහුණ දී සිටියේ පන්දු 53 කට පමණි. ඔහුගේ සම්පූර්ණ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 14 කින් සමන්විත විය.

ලකුණු 195 ක ඉලක්කය හඹා ගිය දිමුත්ගේ කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන් වෙතින් ලැබුණු සහයෝගය ප්‍රමාණවත් නොවීය. අෂේන් බණ්ඩාර පන්දු 31 කදී ලකුණු 41 ක් රැස් කර ගත් නමුත් දුෂ්මන්ත චමීරගේ (23/4) පන්දු යැවිම හමුවේ සෙසු පිතිකරුවෝ පසුබා ගියහ.

නුවන් ප්‍රදීප් ලකුණු 18 කට කඩුලු 2 ක් දවා ගත් අතර ඕවර 2 ක් පමණක් යැවූ කමිඳු මෙන්ඩිස් පිතිකරුවන් ලකුණු 15 කින් නතර කරගත්තේ තේරීම් කමිටු නිලධාරීන්ට තමන් ගැන හොඳ ඉඟියක් දෙමිනි.

දසුන් ශානකගේ පිල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමඟින් පන්දු 38 කදී ලකුණු 55 ක් ලබාගත්තේය. නායකයා පන්දු 27 කදී ලකුණු 62 ක් රැස් කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. ශානකගේ ප්‍රහාරාත්මක වේගය 229.6 ක් වූ අතර ඔහු මුහුණ දුන් 23 වැනි පන්දුවේදී අර්ධ ශතකය පසුකර ගියේය.
කොදෙව් සංචාරයට එක්වීමේ වැඩි අවස්ථාවක් හිමිකරගෙන සිටින පැතුම් නිස්සංක පන්දු 27 කින් ලකුණු 41 ක් ලබාගත්තේ දිනේෂ් චන්දිමාල් සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනඟමිනි. මෙම ලකුණු 60 සම්බන්ධතාව වෙනුවෙන් දෙදෙනාට වැයවූයේ පන්දු 37 ක් පමණි.


දසුන් ශානකගේ කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 4 ට 194 යි
(ධනුෂ්ක ගුණතිලක 14, පැතුම් නිස්සංක 41, දිනේෂ් චන්දිමාල් 55, දසුන් ශානක නොදැවී 62, කමිදු මෙන්ඩිස් 13, ළහිරු කුමාර 35/2)

දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 8 ට 175 යි
(දිමුත් කරුණාරත්න 89, ඕෂධ ප්‍රනාන්දු 10, අෂේන් බණ්ඩාර 41, තිසර පෙරේරා 14, දුෂ්මන්ත චමීර 23/4, නුවන් ප්‍රදීප් 19/2)

- 213


අදහස් (0)

දිමුත් ඇදහිය නොහැකි පිතිහරඹයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.