Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දසුන්ගේ පිතිහරඹය කොමිලා පිලට ජය ගෙනෙයි

දසුන්ගේ පිතිහරඹය කොමිලා පිලට ජය ගෙනෙයි

editorial - 2019 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දසුන් ශානකගේ ප්‍රවේගකාරී පිහිහරඹය හමුවේ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස කොමිලා වොරියර්ස් කණ්ඩායම සහ රාංපූර් රේන්ජර්ස් කණ්ඩායම අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 105 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට කොමිලා වොරියර්ස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොමිලා වොරියර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 173 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ නායක දසුන් ශානක පන්දු 31 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 75 ක් රැස්කළේය.

භානුක රාජපක්ෂ පන්දු 13 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 15 ක්ද, සෞම්‍ය සාකර් පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 26 ක්ද, ඩේවිඩ් මැලන් පන්දු 23 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 25 ක්ද, සබීර් රෙහෙමාන් පන්දු 17 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 19 ක්ද රැස්කරමින් කොමිලා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය රාංපූර් රේන්ජර්ස් කණ්ඩායමට අල් අමීන් හොසේන් ප්‍රමුඛ කොමිලා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 14 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 68 ක් පමණි. රාංපූර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු මොහොමඩ් නයීම් පන්දු 27 කදී හතරේ පහරක් සමග ලකුණු 17 ක් රැස්කළේය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අල් අමීන් හොසේන් ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගත් අතර රාංපූර් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් සුන්සමුල් ඉස්ලාම් සහ සෞම්‍ය සාකර් කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.

කොමිලා වොරියර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 173
(භානුක රාජපක්ෂ 15, සෞම්‍ය සාකර් 26, ඩේවිඩ් මැලන් 25, සබීර් රෙහෙමාන් 19, දසුන් ශානක නොදැවී 75, ලුවිස් ජෝජ් 25/2, සන්ජිත් සාහා 26/2, මුස්තෆිසුර් රහමන් 37/2)

රාංපූර් රේන්ජර්ස් පිල - ඕවර 14 කදී සියලු දෙනා දැවී 68
(මොහොමඩ් ශේෂාඩ් 13, මොහොමඩ් නයීම් 17, අල් අමීන් හොසේන් 14/3, සුන්සමුල් ඉස්ලාම් 04/2, සෞම්‍ය සාකර් 12/2)

- 36


අදහස් (0)

දසුන්ගේ පිතිහරඹය කොමිලා පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.