Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දසුන් ශානකට ගුවන් යානය මඟහැරෙයි

දසුන් ශානකට ගුවන් යානය මඟහැරෙයි

editorial - 2021 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇමරිකා එක්සත් ජනපදය හරහා බටහිර ඉන්දීය දූපත් බලා යන බැවින් වීසා බලපත් සැකසීමේ ප්‍රමාදයක් හේතුවෙන් විස්සයි-20 කණ්ඩායමේ නව නායක දසුන් ශානකට ගුවන්යානය මඟහැරී ගියේය. එබැවින් බටහිර ඉන්දීය දූපත් බලා ඊයේ (22 වැනිදා) රාත්‍රියේ පිටත්ව ගිය ශ්‍රී ලංකා සංචිතය සමගින් යාමට දසුන් ශානකට නොහැකි විය.

මීට ඉහතදී ඇමරිකා එක්සත් ජනපදය යාමට වසර පහක් සඳහා වලංගු වීසා නිකුත් කර තිබිණ. එහෙත් වසර දෙකකට පෙර ඔහුගේ වීසා බලපත්‍රය සහිත විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගතවී ඇත. ඒ වෙනුවට දසුන් නව ගමන් බලපත්‍රයක් ලබාගත් නමුත් එයට පැරණි වීසා බලපත්‍රය ඇතුළත් නොවීම හේතුවෙන් එක්සත් ජනපදයේ වීසා බලධාරීන් පවසා ඇත්තේ දසුන්ගේ වීසා බලපත් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂා කළ යුතු බවයි.

“මීට වසර දෙකකට පෙර මගේ විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගත වුනා. එබැවින් ඔවුන් නැතිවූ විදේශ ගමන් බලපත්‍රය සහ වීසා බලපත්‍රය වෙනත් අයකු විසින් භාවිතා කර ඇත්දැයි පරීක්ෂා කර බැලිමට කාළය ගන්නවා කියලා මම හිතනවා” යැයි දසුන් ශානක පවසා ඇත.  

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දැන් ප්‍රශ්නයක් නැති බවත් ඊළඟ ගුවන් යානයෙන් දසුන් බටහිර ඉන්දීය දූපත් කරා යන බවත්ය. ඔහු මාර්තු 3 වැනිදාට පෙර විස්සයි 20 තරගාවලිය ක්‍රීඩා කරන ඇන්ටිගුවා වෙත ළඟාවුවද නිරෝධායනයකට භාජනය විය යුතු බැවින්, ඔහුට පළමු වැනි විස්සයි-20 තරගය සඳහා ක්‍රීඩා කිරීමට හැකිවේද යන්න පැහැදිලි නැත.

ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර පළමු වැනි විස්සයි-20 තරගය මාර්තු 4 වැනිදා ඇන්ටිගුවාහි කෝලිඑජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ වසරේ අග භාගයේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ අදහසින් දසුන් ශ්‍රී ලංකාවේ විස්සයි20 නායකයා ලෙස නම් කරන ලදී. නමුත් ස්ථිර නායකයා ලෙස පත් කිරීමෙන් පසුව ඔහුගේ පළමු පැවරුමෙන් කොටසක් ඔහුට මග හැරී යනු ඇත. මින් පෙර පාකිස්තානයට එරෙහිව පාකිස්තානයේදී පැවැති තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියකදී දසුන් නායකත්වය දරා ඇති අතර තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

- 2079


අදහස් (0)

දසුන් ශානකට ගුවන් යානය මඟහැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.