Last Update  :  2024-03-28 13:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දඹුල්ල අවසන් තරගයට

දඹුල්ල අවසන් තරගයට

editorial - 2019 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර අද (21) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 7 ක ජයක් හිමිකර ගැනීමට දඹුල්ල කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ඒ අනුව කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර අවසන් මහ තරගය අනිද්දා (23 වැනිදා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 224 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට ඕවර 48.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 216 ක් පමණි. ජයග්‍රහණය ආසන්නයට ගිය මහනුවර කණ්ඩායමේ අවසන් කඩුලු 4 ලකුණු පන්දු 16 ක් තුල බිඳවැටීම හේතුවෙන් ඔවුන්ට පරාජය උරුම වූහ.

වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවූ අවිෂ්ක තරිඳු අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය. පන්දු 54 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 64 ක් රැස්කිරීමට අවිෂ්ක තරිඳු සමත්විය.

සුධීර තිලකරත්න සහ අෂීන් ඩැනියල් කඩුලු 3 බැගින්ද යසිරු රොඞ්්‍රගූ කඩුලු 2 ක් ද දවාගනිමින් දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමට ඕවර 49.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 223 ක් පමණි.

ලකුණු 118 කට කඩුලු 7 ක් දැවී තිබියදී අටවැනි කඩුල්ල සඳහා එක්වූ ලක්ෂාන් ගමගේ සහ අෂීන් ඩැනියල් ලකුණු 84 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් දඹුල්ල ඉනිම ගොඩනැගීමට සමත්වූහ.

ලක්ෂාන් ගමගේ පන්දු 47 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 55 ක් රැස්කළ අතර අෂීන් ඩැනියල් පන්දු 71 කදී ලකුණු 30 ක් රැස්කිරීමට සමත්විය.

එක් අවස්ථාවකදී කඩුල්ලක් දැවී ලකුණු 87 ක් රැස්කර ගනිමින් හොඳ ස්ථාවරයක සිටි දඹුල්ල කණ්ඩායමේ කඩුලු 6 ක් ලකුණු 31 ත් තුල දවාගැනිමට මහනුවර කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ.

සිය ඕවර 10 ලකුණු 27 කට සීමාකළ කවිඳු නදීෂාන් කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

දඹුල්ල - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී 223
(ලේෂාන් අමරසිංහ 23, සුපුන් සුමනරත්න 26, රවිඳු රසන්ත 32, ලක්ෂාන් ගමගේ 55, අෂීන් ඩැනියල් 30, කවිඳු නදීෂාන් 27/3)

මහනුවර - ඕවර 48.1 කදී සියලුදෙනා දැවී 216
(දුනිත් ජයතුංග 31, අභිෂේක් ආනන්දකුමාර 35, ලොහාන් ද සොයිසා 28, අවිෂ්ක තරිඳු 64, සුධීර තිලකරත්න 26/3, අෂීන් ඩැනියල් 56/3, යසිරු රොඞ්්‍රගූ 33/2


අදහස් (0)

දඹුල්ල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.