Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානු පිල ලකුණු 291 ක් පසුපසින්

දකුණු අප්‍රිකානු පිල ලකුණු 291 ක් පසුපසින්

editorial - 2020 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පෝට් එලිසබත්දී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (18 වැනිදා) නිමාවන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 208 ක් ලබා සිටියේය.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම තවත් කඩුලු 4 ක් ඇතැතිව එංගලන්තයට වඩා ලකුණු 291 ක් පසුපසින් සිටින අතර තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ක්වින්ටින් ඩි’කොක් හතරේ පහර 9 ක් සමග ලකුණු 63 ක්ද, වර්නන් පිලැන්ඩර් හතරේ පහර 5 ක් සමග ලකුණු 27 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව දකුණු අප්‍රිකානු කණ්ඩයමේ 7 වැනි කඩුල්ල වෙනුවන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 54 කි.

වර්ෂාවෙන් තරගයට බධා එල්ල වීම නිසා අද දිනයේදී ක්‍රීඩා කිරීමට හැකි වූයේ ඕවර 64 ක් පමණි. දෙවැනි දිනය වූ ඊයේ (17 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 60 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 148 ක් එක්කර ගත්හ.

අද දිනයේදී බිඳවැටුණු කඩුලු 4 න් 3 කටම හිමිකම් කීමට ඩොමිනික් බේස් සමත් වූ අතර එම කඩුලු 3 ත් සමගින් ඔහු මේ දක්වා මෙම තරගයේදී දවාගත් කඩුලු සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ ගියේය. දිනයේ පළමු කඩුල්ල ලෙස ඩීන් එල්ගා ලකුණු 35 කට දැවී ගියේ බේස්ගේ පන්දුවක් හමුවේ ඔලී පෝප් අතට උඩ පන්දුවක් දෙමිනි.

එල්ගාගේ දැවී යෑමන් පසුව දකුණු අප්‍රිකානු ලකුණු පුවරුවට තවත් ලකුණු 8 ක් එක්වන විට නායක ෆෆ් ඩුප්ලෙසීද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට බේස් සමත් විය. ඉන් අනතුරුව පිටියට පිවිසි රාසි පැන්ඩර් ඩසන් ලකුණු 24 කට දැවී ගියේද බේස්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙනි.
ඊයේ පස්වරුවේදී රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පන්දුවට පහරදීම සඳහා පැමිණි ඇන්රිච් නොට්ජේ පන්දු 135 ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගත් අතර ලකුණු 18 ක් ලබා සිටියදී ඔහු දැවී ගියේ බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවක් හමුවේ ජෝ රූට් අතට උඩ පන්දුවක් දෙමිනි.


එංගලන්ත පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 499
(සැක් ක්‍රොව්ලි 44, ඩොමිනික් සිබ්ලි 36, ජෝ ඩෙන්ලි 25, ජෝ රූට් 27, බෙන් ස්ටෝක්ස් 120, ඔලී පෝප් නොදැවී 135, සෑම් කරන් 44, මාක් වුඞ් 42, කේෂව් මහරාජ් 180/5, කගිසෝ රබාඩා 97/2)

දකුණු අප්‍රිකානු පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 208
(ඩීන් එල්ගා 35, පීටර් මැලන් 18, ඇන්රිච් නොට්ජේ 18, රාසි පැන්ඩර් ඩසන් 24, ක්වින්ටින් ඩි’කොක් නොදැවී 63, වර්නන් පිලැන්ඩර් නොදැවී 27, ඩොමිනික් බේස් 51/5)


-036

 


අදහස් (0)

දකුණු අප්‍රිකානු පිල ලකුණු 291 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.