Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානු පිල අසීරු අඩියක

දකුණු අප්‍රිකානු පිල අසීරු අඩියක

editorial - 2020 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පෝට් එලිසබත්දී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (17 වැනිදා) නිමාවන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 60 කට කඩුලු 2 ක් දැවී තරමක් අසීරු තත්වයකට පත්ව සිටියේය.

දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 8 ක් ඇතැතිව එංගලන්තයට වඩා ලකුණු 439 ක් පසුපසින් සිටියේය. ඒ වන විට ආරම්භක පිතිකරු ඩීන් එල්ගා හතරේ පහර 6 ක් සමග ලකුණු 32 ක් ලබා සිටි අතර රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි ඇන්රිච් නොට්ජේ ලකුණු ලබාගැනීම ආරම්භ කර තිබුනේ නැත.

මුලු ලකුණු සංඛ්‍යාව 50 ක් වන විට දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස පීටර් මැලන් දැවී ගියේ ඩොමිනික් බේස්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමිනි. ඉන් නොනැවතුණ බේස් තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි සුබයර් හම්සාද ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ අතර ඔලී පෝප් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට හම්සා ලබා සිටියේ ලකුණු 10 ක් පමණි.

පළමු දිනය වූ ඊයේ (16 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 244 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 255 ක් එක්කරගත් අතර කඩුලු 9 ක් දැවී ලකුණු 499 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.

එහිදී එංගලන්ත කණ්ඩාමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 203 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට බෙන් ස්ටෝක්ස් (120) සහ ඔලී පෝප් (නොදැවී 135) සමත් වූහ. ස්ටෝක්ස්ගේ 9 වැනි ටෙස්ට් ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් ඇතුළත් වූ අතර පෝප්ගේ මංගල ටෙස්ට් ශතකයට හයේ පහරකින් සහ හතරේ පහර 18 කින් සමන්විත විය.

ඬේන් පීටර්සන්ගේ පන්දුවක් හමුවේ ඩීන් එල්ගා අතට උඩ පන්දුවක් දෙමින් බෙන් ස්ටෝක්ස් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්වූ අතර ඉන් අනතුරුව සෑම් කරන් (44) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක්ද, මාක් වුඞ් (42) සමග එක්ව අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක්ද එක් කිරීමට පෝප් සමත් විය.


එංගලන්ත පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 499
(සැක් ක්‍රොව්ලි 44, ඩොමිනික් සිබ්ලි 36, ජෝ ඩෙන්ලි 25, ජෝ රූට් 27, බෙන් ස්ටෝක්ස් 120, ඔලී පෝප් නොදැවී 135, සෑම් කරන් 44, මාක් වුඞ් 42, කේෂව් මහරාජ් 180/5, කගිසෝ රබාඩා 97/2)

දකුණු අප්‍රිකානු පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 60
(ඩීන් එල්ගා නොදැවී 32, පීටර් මැලන් 18, ඩොමිනික් බේස් 12/2)

-036

 


අදහස් (0)

දකුණු අප්‍රිකානු පිල අසීරු අඩියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.