Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානු ක්‍රීඩකයකුට කොරෝනා වැළඳීමෙන් එක්දින තරගය කල්දමයි

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයකුට කොරෝනා වැළඳීමෙන් එක්දින තරගය කල්දමයි

editorial - 2020 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයකුට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී අද (4 වැනිදා) පැවැත්වීමට නියමිතය තිබූ පළමු වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කල්දමන ලදි.  වයිරසය අසාදනය වූ ක්‍රීඩකයා කවුරුන්ද යන්න දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් විසින් හෙළිදරව් නොකරන ලදි.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මේ බව ප්‍රකාශ කළේ තරගය ආරම්භ වීමට පැයකට පමණ පෙරය. දිවා/රාත්‍රී තරගයක් වූ මෙම තරගය අද පස්වරුවේදී ආරම්භ වීමට නියමිතව තිබිණ.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ සහ එංගලන්ත / වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ ඒකාබද්ධ ප්‍රකාශයකට අනුව, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයාගේ පී.සී.ආර්. පරීක්ෂණය කරන ලද්දේ බ්‍රහස්පතින්දා ඔහුගේ කණ්ඩායමේ අවසන් පුහුණු සැසියෙන් පසුවය. එහෙත් එහි ප්‍රතිඵල වාර්තාව පැමිණ ඇත්තේ අද උදෑසනය.

මෙම තරගය කල් දැමීම “කණ්ඩායම් දෙකේම, තරග නිලධාරීන්ගේ සහ තරඟයට සම්බන්ධ සියලු දෙනාගේ ආරක්ෂාව සහ යහපැවැත්ම උදෙසායි” යයි ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් වේ.

නවතම තත්ත්වය අනුව දෙපිට අතර පළමු තරගය ලබන ඉරිදා පාල් හි දිවා තරගයක් ලෙසින් පැවැත්වේ. දෙවන තරගය සඳුදා නිව්ලන්ඩ්ස් හි දිවා/රාත්‍රී තරගයක් වන අතර, බදාදා නිව්ලන්ඩ්ස් හිදී තවත් දිවා/රාත්‍රී තරඟයක් සමඟ තරගාවලිය අවසන් වේ.

මෙම මාලාව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ලෝක කුසලාන සුපිරි ලීගයේ කොටසකි.

- 213

 


අදහස් (0)

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයකුට කොරෝනා වැළඳීමෙන් එක්දින තරගය කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.