Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානු ඉනිම 275 කට සීමාවෙයි

දකුණු අප්‍රිකානු ඉනිම 275 කට සීමාවෙයි

editorial - 2019 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පූනේහි මාහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය (12 වැනිදා) අවසානයේදී දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු ලකුණු 275 කට සීමා කිරීමට උමේෂ් යාදව් සහ රවිචන්ද්‍ර අශ්වින් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අනුව ඉන්දීයව පළමු ඉනිමේදී දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 326 ක් ඉදිරියෙන් සිටියි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ යාදව්, ආරම්භ පිතිකරුවන් දෙදෙනාද සමගින් ඉනිමේ මුල් කඩුලු 3 ම අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භය අසාර්ථක කළේය. යාදව්ට අනගි සහායක් දුන් අශ්වින්, කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ෆෆ් ඩුප්ලෙසිගේ කඩුල්ලද සමගිනි.

දෙවැනි දිනය වූ ඊයේ (11 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 36 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට එක්ගරගත හැකි වූයේ තවත් ලකුණු 239 ක් පමණි. එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ නායක ඩුප්ලෙසි (64) හයේ පහරකින් සහ හතරේ පහරකින් සිය ඉනිම අලංකාර කළේය.

දකුණු අප්‍රිකානු ඉනිමේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කේෂව් මහරාජ් (72) සහ වර්නන් ෆිලැන්ඩර් (නොදැවී 44) සමත් වූහ. ලකුණු 162 කට කඩුලු 8 ක් බිඳ වැටී තිබූ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 271 ක් දක්වා ඔසවා තැබීමට ඔවුන්ට හැකි වූහ. රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ රෝහිත් ශර්මා අතට උඩ පන්දුවක් දෙමින් මහරාජ් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.


ඉන්දීය පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 601
(විරාට් කෝලි නොදැවී 254, මායන්ක් අගර්වාල් 108, රවින්ද්‍ර ජදේජා 91, අජින්ක්‍යා රහනේ 59, චෙතේෂ්වර් පුජාරා 58, කගිසෝ රබාඩා 91/3)

දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 275
(කේෂව් මහරාජ් 72, ෆෆ් ඩුප්ලෙසි 64, වර්නන් ෆිලැන්ඩර් නොදැවී 44, ක්වින්ටින් ඩි’කොක් 31, තියුනිස් ඩි’බ්‍රයන් 30, රවිචන්ද්‍රන් අශ්වින් 69/4, උමේෂ් යාදව් 37/3, මොහොමඩ් සාමි 44/2)

-036

 


අදහස් (0)

දකුණු අප්‍රිකානු ඉනිම 275 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.