Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකා - කොදෙව් පෙරහුරු තරගයට වැස්ස හරස්වෙයි

දකුණු අප්‍රිකා - කොදෙව් පෙරහුරු තරගයට වැස්ස හරස්වෙයි

editorial - 2019 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර බ්‍රිස්ටල්හිදී අද (26 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.

අවස්ථා කිහිපයකදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවූ අතර එංගලන්ත වේලාවෙන් පස්වරු 4.10ට පමණ තරගය සම්පූර්ණයෙන් අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළහ.

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකාවට ආරාධනා කළ අතර වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමනවිට ඕවර 12.4 කදී කිසිවකු නොදැවීලකුණු 95 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

ආරම්භක පිතිකරු හෂීම් අම්ලා වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 51 ක් රැස්කළ අතර අනෙක් අන්තයේ පන්දුවට පහරදුන් කුයින්ටන් ඩි‘කොක් පන්දු 30 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 37 ක් රැස්කිරීමට සමත්විය.


දකුණු අප්‍රිකාව - ඕවර 12.4 කදී කිසිවකු නොදැවී 95
(හෂීම් අම්ලා නොදැවී 51, කුයින්ටන් ඩි‘කොක් නොදැවී 37)

...


අදහස් (0)

දකුණු අප්‍රිකා - කොදෙව් පෙරහුරු තරගයට වැස්ස හරස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.