Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ද. අප්‍රිකානු නැඟීඑන පිලට ලකුණු 28 ක ජයක්

ද. අප්‍රිකානු නැඟීඑන පිලට ලකුණු 28 ක ජයක්

editorial - 2019 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම අතර පොචෙස්ට්‍රෝම්හිදී අද (21 වැනිදා) අවසන්වූ තරගය ලකුණු 28 කින් ජයගත් දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම ඒ අනුව තරග 2 කින් සමන්විත තරගාවලිට 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 331 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 302 ක් පමණි.

ලකුණු 214 කට කඩුලු 7 ක් අහිමිව තිබියදී නිශාන් පිරීස් සමගින් එක්ව අටවැනි කඩුල්ල සඳහා ලකුණු 58 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ මොහොමඞ් ශිරාස් ඉන් නොනැවතී ලසිත් ඇඹුල්දෙණිය සමගින්ද එක්ව ලකුණු 30 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.

නමුත් 9 වැනි කඩුල්ල ලෙස ශිරාස් දැවීයාමත් සමගින් ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩාය බලාපොරොත්තු සුන්වී ගියේය. පන්දු 96 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 49 ක් රැස්කිරීමට මොහොමඞ් ශිරාස් සමත්වූ අතර නිශාන් පිරීස් පන්දු 57 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 25 ක් රැස්කිරීමට සමත්විය.

සිවුවැනි සහ අවසන් දිනට අද තරගය ආරම්භ කරනවිට කඩුල්ල දැවී ලකුණු 145 ක් රැස්කරගෙන සිටි ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම ඉතිරි කඩුලු 9 ලකුණු 157 ක් තුල අහිමිකර ගත්තේය.

මිනෝද් භානුක සහ පැතුම් නිස්සංක එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 85 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග්‍රහණය දෙසට කණ්ඩායම රැගෙන ගියද මැදපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායමෙන් ජයග්‍රහණය ගිලිහි ගියේය.

මිනෝද් භානුක පන්දු 134 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 89 ක් රැස්කළ අතර පැතුම් නිස්සංක පන්දු 117 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 47 ක් රැස්කිරීමට සමත්විය.

නන්ද්‍රි බර්ගර් සහ ලඩි බොකාකෝ කඩුලු 3 බැගින් ද මාක්‍රෝ ජන්සෙන් කඩුලු 2 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම් පළමු ඉනිම - සියලුදෙනා දැවී 382

ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම් පළමු ඉනිම - සියලුදෙනා දැවී 241

දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 289

ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 302
(හසිත බෝයගොඩ 33, මිනෝද් භානුක 89, පැතුම් නිස්සංක 47, නිශාන් පිරීස් 25, මොහොමඞ් ශිරාස් 49, නන්ද්‍රි බර්ගර් 38/3, ලඩි බොකාකෝ 70/3, මාක්‍රෝ ජන්සෙන් 58/2)


අදහස් (0)

ද. අප්‍රිකානු නැඟීඑන පිලට ලකුණු 28 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.