Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තීරණයකට එන්න තව කල් තියෙනවා

තීරණයකට එන්න තව කල් තියෙනවා

යොහාන් භාසුර - 2020 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ලොව පුරා පැතිර ඇති ‘කොරෝනා’ වෛරසය පිළිබඳව අවධානය යොමු කර තිබුණද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව තීරණයක් ගැනීමට හදිසි විය යුතු නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
 
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ලබන ජූනි මස පැවැත්වෙන එක්දින තරගාවලියක් සහ විස්සයි20 තරග තුනක් බැගින් සමන්විත සංචාරයකට සහභාගි වීම සඳහා මැයි මස අග ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
 
“අපිට අප්‍රේල් සහ මැයි යන මාස දෙකේම තරගාවලි තිබුණේ නෑ. ඒක අපිට වාසියක් වුණා. දකුණු අප්‍රිකානු සංචාරය තියෙන්නෙ ජූනි මාසෙ. ඒ නිසා අපිට එම සංචාරය පිළිබඳව තීරණයක් ගන්න තව කල් තියෙනවා”
 
“දකුණු අප්‍රිකාවෙන් මේ දක්වා තරගාවලිය සම්බන්ධයෙන් කිසි දෙයක් දැනුම් දීලා නෑ. අපිට තව සති දෙක තුනක් බලන්න පු`ඵවන්” යැයි ඈෂ්ලි මහතා වැඩි දුරටත් පැවසීය.
 
‘කොරෝනා’ වයිරස් අවදානම හේතුවෙන් දකුණු අප්‍රිකානු සංචාරය කල්දැමුව හොත් එය මෙම වසරේ පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්වනු ඇත. ශ්‍රී ලංකාව මෙම වසරේ ජූනි සිට ඔක්තෝබර් දක්වා අඛණ්ඩව තරගාවලි යොදාගෙන තිබීම එයට හේතු වී තිබේ.
 
මෙම වසරේ ජූනි මස සිට අගෝස්තු මස දක්වා මාස තුනක කාලය තුළ දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් තුන තරගාවලි සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඉන්දීය සංචාරයට එක්දින තරග සහ විස්සයි20 තරග තුන බැගින් ඇතුළත් වේ. බංග්ලාදේශ තරගාවලියට ටෙස්ට් තරග තුනක් පමණක් ඇතුළත්ව තිබේ.
 
ආසියානු ක්‍රිකට් ශූරතාවලිය සැප්තැම්බර් මස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය. සිම්බාබ්වේ පිල ඔක්තෝබර් මස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර එම සංචාරයට එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග දෙකක් ඇතුළත් වේ.
 
මෙම මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබියදී ‘කොරෝනා’ වයිරස් අවදානම හේතුවෙන් කල්දැමූ එංගලන්ත සංචාරය නොවැම්බර් හෝ දෙසැම්බර් මාස වලදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළසුම් කරමින් සිටියි.
 
දකුණු අප්‍රිකාව ද මේ වන විට ‘කොරෝනා’ වෛරසයට ගොදුරුව සිටින අතර ඊයේ (25 වැනිදා) වන විට දකුණු අප්‍රිකාවෙන් ‘කොරෝනා’ වෛරසය ආසාදතයින් 700 කට අධික සංඛ්‍යාවක් සොයාගෙන තිබුණි.

 


අදහස් (0)

තීරණයකට එන්න තව කල් තියෙනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.