Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිරිමාන්න - දසුන් ශානක නායකත්වයට

තිරිමාන්න - දසුන් ශානක නායකත්වයට

රොෂාන් ගුණරත්න - 2019 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයේදී පැවැත්වෙන එක්දින සහ විස්සයි20 තරගාවලි සඳහා නම්කරන ලද එක්දින සංචිතයේ නායකත්වය ළහිරු තිරිමාන්නටත්, විස්සයි20 සංචිතයේ නායකත්වය දසුන් ශානකටත් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ජේෂ්ඨ ක්‍රීඩකයින් 10 දෙනෙකු පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්‍ෂේප කිරිමත් සමගින් දෙවැනි පෙළ කණ්ඩායමක් පාකිස්තානය බලා යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්වීම හේතුවෙන් සති 6 ක කාළයක් විවේක ගැනීමට සිදුවීම නිසා පාකිස්තානු සංචාරයට ඇතුළත්ව නැත. එක්දින හෝ විස්සයි20 අන්තර්ජාතික තරග වලට තවමත් ක්‍රීඩා කර නැති මිනෝද් භානුක එක්දින සහ විස්සයි20 සංචිත දෙකටම කැදවා ඇති අතර භානුක රාජපක්ෂ විස්සයි20 සංචිතයට කැඳවා තිබේ.

ළහිරු තිරිමාන්න 2015 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 3 කදී නායකත්වය ලබාදී ඇති අතර එක් තරගයක් ජයගෙන තරග 2 ක් පරාජයවී ඇත.

දසුන් ශානක මින් පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නායකත්වය ලබාදී නොමැති අතර ඒ අනුව ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම මෙහෙයවනු ලබන 10 වැනියා බවට පත්වේ.


ශ්‍රී ලංකා එක්දින සංචිතය
ළහිරු තිරිමාන්න (නායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, අවිෂ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත සහ ළහිරු කුමාර.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය
දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, අවිෂ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා, භානුක රාජපක්ෂ, මිනෝද් භානුක, ළහිරු මධුශංක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර.

 


අදහස් (0)

තිරිමාන්න - දසුන් ශානක නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.