Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරංගගේ පිතිහරඹය ටස්කර්ස් පිලට ජය ගෙනෙයි

තරංගගේ පිතිහරඹය ටස්කර්ස් පිලට ජය ගෙනෙයි

editorial - 2019 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ කර්නාටක ටස්කර්ස් කණ්ඩායම සහ දිල්ලි බුල්ස් කණ්ඩායම අතර ඊයේ (16 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 19 ක ජයක් අත්කර ගැනීමට කර්නාටක ටස්කර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 111 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි බුල්ස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 91 ක් පමණි. දිල්ලි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 31 ක් රැස්කළේය.

පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යද්දී නායක ඔයින් මෝගන් පන්දු 10 කින් ලකුණු 21 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි. මැතිව්ස් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මෝගන් සමත් විය. ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ කුසල් පෙරේරාට පන්දු 9 කදී ලබාගත හැකි වූයේ ලකුණු 9 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ නේතන් රිමින්ටන් ලකුණු 28 කට කඩුලු 3 ක් දවාගත් අතර දිල්ලි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමීම සඳහා නේතන්ට අනගි සහායක් දුන් පැටි්‍රක් බ්‍රවුන් සහ අහමඞ් රාසා කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ.
 
පළමුවෙන් පන්දුවට පහරදුන් කර්නාටක ටස්කර්ස් කණ්ඩායම ඕවර 10 තුළදී කඩුලු 5 ක් දැවී ලකුණු 110 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ උපුල් තරංග පන්දු 22 කදී ලකුණු 48 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. ශෆියුල්ලා ෂෆීක් (34) සමග එක්ව ටස්කර්ස් ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද තරංග සමත් වූ අතර පන්දු 21 කට මුහුණදුන් ෂෆීක් හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසුවේය.

තරංග දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීම සඳහා මැතිව්ස්ට සහාය දැක්වූ රාම්පොල්, ඉන් නොනැවතී ෂෆීක් සහ අසාද් පතන් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමකද නිතර විය. ටස්කර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු හෂීම් අම්ලා දැවී ගියේ දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ පෝල් ස්ටාර්ලින් අතට උඩ පන්දුවක් දෙමිනි.  

කර්නාටක ටස්කර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 5 කට 110
(ජොනතන් චාල්ස් 13, උපුල් තරංග 48, ශෆියුල්ලා ෂෆීක් 34, රවී රාම්පෝල් 16/2)

දිල්ලි බුල්ස් පිල - ඕවර 10 කදී කඩුලු 8 කට 91
(ඔයින් මෝගන් 21, ඇන්ජලෝ මැතිව්ස් 31, නේතන් රිමින්ටන් 28/3, අහමඞ් රාසා 11/2, පැටි්‍රක් බ්‍රවුන් 19/2)

-036

 


අදහස් (0)

තරංගගේ පිතිහරඹය ටස්කර්ස් පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.