Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩිල්රුවන් සංචිතයට කැඳවයි

ඩිල්රුවන් සංචිතයට කැඳවයි

editorial - 2019 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



නවසීලන්තයට එරෙහිව පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ලබන බ්‍රහස්පතින්දා (22) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ජ්‍යෙෂ්ඨ පිට දඟ පන්දු යවන ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම දඟ පන්දු යවන්නා වන ඩිල්රුවන් ආබාධයක් හේතුවෙන් ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් විවේක ගැන්වීය.

කොළඹ ටෙස්ට් තරගයට සහභාගි වන සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනකු ඇතුළත් වන අතර පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ 15 දෙනාගේ සංචිතයට ඩිල්රුවන් පමණක් එකතු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.

ඩිල්රුවන් ටෙස්ට් තරග 38 කදී කඩුලු 153 ක් දවාගැනීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සිවුවැනි වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා ද වේ.


- 048


අදහස් (0)

ඩිල්රුවන් සංචිතයට කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.