Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩිල්රුවන් තවත් 5 ක් සමග කෝල්ට්ස් පිල කඩාගෙන යයි

ඩිල්රුවන් තවත් 5 ක් සමග කෝල්ට්ස් පිල කඩාගෙන යයි

editorial - 2020 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

විනය කඩ කිරීමේ චෝදනාවකට ලක්වු කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ ඩිල්රුවන් පෙරේරා අදාළ සිදුවීම සම්බන්ධයෙන් විනය කමිටුවෙන් සමාව අයැද තිබේ. සමාව අයැදීම හේතුවෙන් දඩුවමෙන් ගැලවුණද ඩිල්රුවන් තවත් ක්‍රීඩකයන් පස් දෙනකු සමගින් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතහැර ගොස් ඇතැයි වාර්තා වේ.

සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, හෂාන් දුමිඳු සහ නිසල තාරක යන ක්‍රීඩකයන් පස්දෙනාද කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතහැර ගොස් ඇතැයි දැනගන්නට තිබේ.

කණ්ඩායම් තේරීම් විවේචනය කරමින් සහ ක්‍රීඩා සමාජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට අපහාස වන පරිදි කතා කරමින් උඩඟු ලෙස කටයුතු කළ බවට චෝදනා ලත් ඩිල්රුවන්ගේ ක්‍රීඩා සමාජ සාමාජිකත්වය කෝල්ට්ස් ක්‍රිකට් සමාජය විසින් තාවකාලිකව අත්හිටුවා තිබුණි. තමන් නොමැතිව කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අසීරුතාවට පත්වනු ඇතැයි යන හැඟීම ඇති වන අයුරින් ඔහු ක්‍රියා කර ඇති අතර, තමන් ක්‍රීඩා සමාජයෙන් ඉවත් වුවහොත් තමන් සමඟ බොහෝ ක්‍රීඩකයින් ඉවත්වී යන බවටද ඩිල්රුවන් ක්‍රීඩා සමාජ නිලධාරීන්ට තර්ජනය කර ඇත.

ඩිල්රුවන්ගේ සමාව ඉල්ලීම පිළිගත් ක්‍රීඩා සමාජය ඔහුට තවදුරටත් සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබාදී තිබේ. එහෙත් ඩිල්රුවන් පෙරේරා කෝල්ට්ස් ක්‍රීඩා සමාජයෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර ඔහු සමඟ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙකුද කෝල්ට්ස් ක්‍රීඩා සමාජයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඩිල්රුවන් පෙරේරා සහ සධීර සමරවික්‍රම ද්‍රවිඩ සංගම් පිලේ සාමාජිකත්ව ලබාගෙන ඇතැයි වාර්තා වේ. අවිශ්ක ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය එස්.එස්.සී පිලටද, හෂාන් දුමිඳු සැරසන්ස් පිලට සහ නිසල තාරක මීගමුව ක්‍රීඩා සමාජයටද එක් වී සිටිති.

2000 වසරේදී පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමු පෙළ වරම් හිමිකර ගත් ඩිල්රුවන් පෙරේරා, කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එක්වීමට පෙර හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් එක් තරග වාරයක් ක්‍රීඩා කළේය. අනතුරුව කෝල්ට්ස් පිලට එක්වූ ඩිල්රුවන් මෑතදී අවසන්වූ 2019-20 තරග වාරයේදී  පළමු පෙළ ක්‍රිකට් පිටියේදී කඩුලු 800 ක් දවාගත් පස්වන ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත්විය. ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරඟ 8 කදී කඩුලු 41 ක් ලබා ගනිමින් ඔහු මෙම තරග වාරය නිමා කළේය.

ටෙස්ට් තරග 41 කදී කඩුලු 156 ක් ලබා ගනිමින් ටෙස්ට් තරගවලදී දඟ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරන ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනට සිටින වඩාත්ම පළපුරුදු දඟ පන්දු යවන්නා වෙයි.


- 2079


අදහස් (0)

ඩිල්රුවන් තවත් 5 ක් සමග කෝල්ට්ස් පිල කඩාගෙන යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.