Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩිකොක් මුම්බායි පිල ඉහළට තල්ලු කරයි

ඩිකොක් මුම්බායි පිල ඉහළට තල්ලු කරයි

editorial - 2020 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

සිකුරාදා ෂෙයික් සයීඩ් ක්‍රීඩාංගණයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරාජය කළ මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ යළිත් වරක් අයි.පී.එල්. ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළම ස්ථානය අත්කර ගත්හ. සිකුරාදා තරගය ආරම්භ වීමට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම එතැන සිටියේය.

ඕවර 17 කදී සිය ඉලක්කය කරා අවතීර්ණ වූ මුම්බායි පිල වෙනුවෙන් ක්වින්ටින් ඩිකොක් කළ ප්‍රවේගකාරී පිතිහරඹය නිසා මුම්බායි පිල නැවතත් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගත්තේ ශුද්ධ ලකුණු වේගය +1.353 ක් ලෙසින් සටහන් කරමිනි.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඕවර 20 කදී ලබාගත් ලකුණු 148 ඕවර 17 කින් ලබාගත් මුම්බායි ක්‍රීඩකයන්ගේ මෙම ශුද්ධ ලකුණු වේගය තරගාවලියේ පළමු අදියර අවසන් වන විට ඔවුනට බෙහෙවින් වැදගත් වනු ඇත. දිල්ලි කැපිටල්ස් පිලටද මුම්බායි පිලට මෙන් ප්‍රසාද ලකුණු 12 ක් ඇතත් ශුද්ධ ලකුණු වේගය හේතුවෙන් මුම්බායි පිල ඉහළින් සිටී.

- 213

 


අදහස් (0)

ඩිකොක් මුම්බායි පිල ඉහළට තල්ලු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.