Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩි.එස්.සේනානායක විද්‍යාලය අ.අ. පූර්ව වටයට

ඩි.එස්.සේනානායක විද්‍යාලය අ.අ. පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2019 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ අද (27 වැනිදා) පැවැති තරගයකදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට එරෙහිව ලකුණු 93 ක ජයක් හිමිකරගත් කොළඹ ඩි.එස්.සේනානායක විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

මෙම තරගය පල්ලේකැලේ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පෙරදින ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමාවූ අතර තරගය ඕවර 47 කට සීමාවිය.

මහේන්ද්‍ර ජයතිලක (73), තිමිර ගුණවර්ධන (62) සහ පුමුදිත පෙරේරා (61) අර්ධ ශතක ලබාගනිමින් ඩි.එස්.සේනානායක විද්‍යාලය ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්වූ අතර පසිඳු දෙනිපිටිය ලකුණු 23 කට කඩුලු 3 ක් සහ දිනුර ලොකුපිටිය ලකුණු 12 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ඩි.එස්.සේනානායක විද්‍යාලය - ඕවර 47 කදී කඩුලු 9 ක් දැවී 242
(මහේන්ද්‍ර ජයතිලක 73, තිමිර ගුණවර්ධන 62, පුමුදිත පෙරේරා 61, පසිඳු ජයකොඩි 15/2, චරිත් රාජගුරු 25/2, සත්සර ගමගේ 31/2)

ශා. සිල්වෙස්ටර් විද්‍යාලය - ඕවර 36.4 කදී සියලුදෙනා දැවී 149
(පසිඳු ජයකොඩි 27, පසිඳු කොරලගේ 27, චරිත් රාජගුරු 21, පසිඳු දෙනිපිටිය 23/3, දිනුර ලොකුපිටිය 12/2)

 


අදහස් (0)

ඩි.එස්.සේනානායක විද්‍යාලය අ.අ. පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.