Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩක්වර්ත් - ලුවිස් න්‍යායේ සම නිර්මාතෘ සමුගනී

ඩක්වර්ත් - ලුවිස් න්‍යායේ සම නිර්මාතෘ සමුගනී

editorial - 2020 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
ඩක්වර්ත් - ලුවිස් න්‍යායේ සම නිර්මාතෘ වූ, ගණිතඥ ටෝනි ලුවිස් මහතා එංගලන්තයේදී අභාවප්‍රාප්ත විය.

සීමිත ඕවර ක්‍රිකට් තරග සඳහා වර්ෂාවෙන් බාධාවන අවස්ථාවලදී දෙවැනි වතාවට පන්දුවට පහර දෙන කණ්ඩායම යා යුතු ඉලක්කය ගණනය කිරීමේ ක්‍රමවේදය නිර්මාණය කළේ ගණිතඥයකු වන ටෝනි ලුවිස් මහතා සහ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් දෙදෙනා එක්වීමෙනි.

සිය දිවියෙන් සමුගන්නා විට 78 වැනි වියේ සිටි ලුවිස් මහතාගේ සහභාගිත්වයෙන් නිර්මාණය කරන ලද ඩක්වර්ත් - ලුවිස් න්‍යාය 1999 දී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පිළිගන්නා ලදි. ඩක්වර්ත් සහ ලුවිස් විශ්‍රාම ගැනීමෙන් පසු ස්ටීවන් ස්ටර්න් එම ක්‍රමයේ භාරකරු බවට පත් වූ අතර නව සංශෝධව වලින් පසුව ඔහුගේ නම 2014 දී නව ක්‍රමවේදයට එකතු කරන ලදී. එහෙත් මෙම ක්‍රමවේදය තවමත් වැඩිදෙනා අතර ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඩක්වත් - ලුවිස් න්‍යාය හෙවත් “ඩී/එල් මෙතඩ්” යනුවෙනි.

“ටෝනි ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ දායකත්වය අති විශාලයි. සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉලක්කය නැවත සකස් කිරීමේ වර්තමාන ක්‍රමය පදනම් වී ඇත්තේ දශක දෙකකට පෙර ඔහු සහ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් විසින් නිර්මාණය කරන ලද ක්‍රමය මතයි” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ සාමාන්‍යාධිකාරී ජෙෆ් ඇලර්ඞ්ස් මහතා පැවසීය.

ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ ගණිතය හා සංඛ්‍යාලේඛනය පිළිබඳ උපාධිධාරියෙකු වූ ලුවිස් මහතා, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ප්‍රමාණාත්මක පර්යේෂණ ක්‍රම පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස විශ්‍රාම ගියේය. ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ගණිතය විෂය සම්බන්ධයෙන්ද ඔහු දැක්වූ දායකත්වය හේතුවෙන් ටෝනි ලුවිස් මහතා 2010 දී බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ සාමාජිකයකු (එම්.බී.ඊ) ලෙස පත් කරන ලදී.

බොහෝ දෙනා විසින් වරදවා වටහාගෙන ඇත්තේ ටෝනි ලුවිස් යන ගණිතඥයා යනු එංගලන්ත පිලේ හිටපු නායකයකු බවයි. මෙම නමින්ම යුතු ක්‍රීඩකයෙක් වේල්ස් කණ්ඩායමට මෙන්ම එංගලන්ත පිලටද නායකත්වය දුන්නේය.

ඩක්වර්ත් - ලුවිස් න්‍යාය නිර්මාණය වූයේ 1992 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැති අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීමෙන් පසුවය. තරගයට වර්ෂාවන් බාධා ඇතිවීම පෙර, දකුණු අප්‍රිකානු පිලට තරගයෙන් ජයගැනීම සඳහා ඕවර 2.1 කදී (පන්දු 13 කදී) ලකුණු 22 ක් අවශ්‍ය වී තිබිණ. ඒ වන විට තරගාවලියේ පෙන්වා තිබූ දස්කම් අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එය ඒ තරම් අසීරු අභියෝගයක් නොවීය. එහෙත් වර්ෂාව හේතුවෙන් තරගයේ නියමිත ඕවර සංඛ්‍යාවන් දෙකක් ඉවත්කිරීමට සිදුවිය.

ඒ වනවිට පැවැති නීති රීති අනුව ඉවත් කළ යුත්තේ අඩුවෙන්ම ලකුණු ලබාගත් ඕවර දෙක වූ බැවින් නිලකුණු ඕවර දෙකක් ඉවත් කිරීමට සිදුවිය. ඒ අනුව පන්දු 13 කින් ලකුණු 22 ක් වූ ඉලක්කය, වර්ෂාවෙන් පසුව පන්දු 1 කදී ලකුණු 22 ක් විය. එය කිසිසේත්ම කළ හැක්කක් නොවේ.

“ඇත්තටම කව්රුහරි..!, කොතැනින් හරි.. !!, මොකක් හෝ මීට වඩා හොඳ විසඳුමක්.... !!! මේ වෙනුවෙන් ගෙනෙන්න ඕනා...’ කියලා ඒ තරගයේ විස්තර විචාරයේ නිරතව සිටි ක්‍රිස්ටෝපර් මාටින් ජෙන්කින්ස් කියනවා මට හොඳට මතකයි....”

“මම තේරුම්ගත්තේ මේකයි..... මේක ගණිතමය ප්‍රශ්නයක්... මේකට ගණිතමය විසඳුමක් ඕනෑ” යයි ඩක්වර්ත් - ලුවිස් න්‍යායේ සම නිර්මාතෘ ෆෑන්ක් ඩක්වර්ත් මහතා කලකට පසුව පැවසීය.

... 


අදහස් (0)

ඩක්වර්ත් - ලුවිස් න්‍යායේ සම නිර්මාතෘ සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.