Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටෙස්ට් පිල පාකිස්තානයට යැවීමේ බලාපොරොත්තුවක්

ටෙස්ට් පිල පාකිස්තානයට යැවීමේ බලාපොරොත්තුවක්

යොහාන් භාසුර - 2019 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයේදී ශ්‍රී ලංකා පිලට ටෙස්ට් තරග දෙකකට සහභාගි වීමට සුදුසු ආරක්‍ෂක තත්ත්වයක් තිබේද යන්න පරීක්‍ෂා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙක් පාකිස්තානය බලා අද (06) පෙරවරුවේ පිටත්ව ගියහ. 

මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්‍ෂක ප්‍රධානී, විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විදේශ ක්‍රිකට් ප්‍රධානී චන්දිම මාපටුන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්‍ෂක අංශ නිලධාරී පාලිත සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළත් වූහ. 

ශ්‍රී ලංකා පිල පාකිස්තානයේදී ටෙස්ට් තරග දෙකකට සහභාගි කරවන ලෙස පාකිස්තානු ක්‍රිකට් ආයතනය පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණි. මෙම ටෙස්ට් තරග දෙක  ලබන ඔක්තෝබර් මස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබේ. 

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම තරගයකට සහභාගි වෙමින් සිටියදී 2009 වසරේ පාකිස්තානයේ ලාහෝර් නුවරදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව පාකිස්තානය් ටෙස්ට් තරගයක්  පැවත්වී නැත. 

 


අදහස් (0)

ටෙස්ට් පිල පාකිස්තානයට යැවීමේ බලාපොරොත්තුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.