Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටෙස්ට් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම දිමුත්ට 11 - ප්‍රවීන්ට 48

ටෙස්ට් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම දිමුත්ට 11 - ප්‍රවීන්ට 48

editorial - 2021 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න) 


නවතම යාවත්කාලීන කිරීම් වලට අනුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතර 11 වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමත්වී ඇත.

බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භයට පෙර පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතරේ 22 වැනි ස්ථානයේ සිටි දිමුත් තරගාවලිය අවසන් වනවිට ස්ථාන 11 ක් ඉදිරියට එමින් 11 වැනියා බවට පත්වී ඇත.


බංග්ලාදේශයට එරෙහිව, තරග 2 ක ඉනිම 3 කදී ද්විත්ව ශතකයක් (244), ශතකයක් (118) ක් සහ අර්ධ ශතකයක් (66) ක් සමගින් ලකුණු 428 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ දිමුත් තරගාවලියේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේය.


තරගාවලිය ආරම්භයේදී 20 වැනි ස්ථානයේ සිටි ජේෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් 24 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇති අතර 32 වැනි ස්ථානයේ පසුවු නිරෝෂන් දික්වැල්ල එක් ස්ථානයක් ඉදිරියට එමින් 31 වැනි ස්ථානය ලබාගෙන ඇත. 

ධනංජය ද සිල්වා 35 වැනි ස්ථානයේ සිට 32 වැනි ස්ථානය දක්වාත්, ඕෂධ ප්‍රනාන්දු 62 වැනි ස්ථානයේ සිට 58 වැනි ස්ථානය දක්වාත්, ළහිරු තිරිමාන්න 74 වැනි ස්ථානයේ සිට 60 වැනි ස්ථානය දක්වාත් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව සිටිති. තරගාවලිය ආරම්භයේදී පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි 88 වැනි ස්ථානයේ පසුවූ පැතුම් නිස්සංක තරගාවලිය අවසාන වනවිට හොඳම පිතිකරුවන් 100 දෙනාගේ ලැයිස්තුවෙන් ඉවතට විසිවී ඇත.

මංගල ටෙස්ට් තරගයට එක්වෙමින් කඩුලු 11 ක් දවාගත් ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී 48 වැනි ස්ථානය දක්වා විශාල පිම්මක් පැන තිබේ. එමෙන්ම දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ රමේෂ් මෙන්ඩිස්ද පළමු වරට හොඳම පන්දු යවන්නන් 100 දෙනා අතරට එක් වෙමින් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අතර 88 වැනි ස්ථානය දක්වා පැමිණ ඇත.

නවසීලන්තයේ කේන් විලියම්සන් අයි.සී.සී ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණේ පසුවෙයි.  ඕස්ටේ්‍රලියාවේ පැට් කමින්ස් ටෙස්ට් පන්දු යවන්නන් අතර මුල්තැන ගෙන සිටී. 

අයි.සී.සී ටෙස්ට් තුන්ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්හී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් පෙරමුණේ පසුවන අතර හොඳම ක්‍රීඩකයන් 20 දෙනා අතරට ශ්‍රී ලංකික ක්‍රීඩකයකු ඇතුළත් ව නැත. 

 


අදහස් (0)

ටෙස්ට් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම දිමුත්ට 11 - ප්‍රවීන්ට 48

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.