Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජෝ රූට් විස්සයි-20 සංචිතයෙන් ඉවතට

ජෝ රූට් විස්සයි-20 සංචිතයෙන් ඉවතට

editorial - 2020 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සංචිතයෙන් ටෙස්ට් නායක ජෝ රූට්ට ස්ථානය අහිමිව ගියේය. කෙසේ වෙතත් ජෝ රූට් එක්දින සංචිතය සඳහා නම් කිරීමට එංගලන්ත තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. කොරෝනා වයිරසයේ ව්‍යාප්තියෙන් පසුව ටෙස්ට් සහ සීමිත ඕවර තරග සඳහා වෙන වෙනම කණ්ඩායම් දෙකක් නිර්මාණය කිරීමට එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පියවර ගෙන තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තාන කණ්ඩායම් වලට එරෙහිව ටෙස්ට් තරගාවලි දෙකක් ජයගැනීමට එංගලන්තය සමත්වූ අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලිය සඳහා ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම ආකෘතියකටම ගැළපෙන ක්‍රීඩකයන් නැවත කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

2016 දී පැවැති විස්සයි20 තරගාවලියේදී ඉහළම ලකුණු ලැබූ පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය ලබාගත් ජෝ රූට් වසරකට වැඩි කාලයක් විස්සයි20 තරගා සඳහා එක්වී නොමැත.

කෙසේ වෙතත් මෙවර දේශීය විස්සයි20 තරගාවලියේදී යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන රූට් එහිදී ලකුණු 64 ක් සහ 65 ක් ලබාගෙන ඇත.

නමුත් සීමිත ඕවර කණ්ඩායමේ නායක ඔයින් මෝගන් සහ ඩේවිඩ් මලැන් පාකිස්තායට එරෙහිව පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී අර්ධ ශතක ලබාගෙන ඇති බැවින් විස්සයි20 ජාතික කණ්ඩායමේ 11 දෙනා අතර ස්ථානයක් සොය ගැනීමට ජෝ රූට් අපොහොසත්වී තිබේ.

මේ අවස්ථාවේ නම්කර ඇති විස්සයි20 සංචිතය හොඳම කණ්ඩායම නොවන බවත්, අනාගතයේදී රූට්ට කණ්ඩායමේ දොරටු වැසී නොමැති බවත්, එංගලන්ත තේරීම් කමිටු නිළධාරී එඞ් ස්මිත් මහතා පැවසීය. ජොෆ්රා ආචර්, ජොස් බට්ලර් සහ මාක් වුඩ් එක්දින සහ විස්සයි20 සංචිත දෙකටම කැඳවා ඇති අතර ක්‍රිස් වෝක්ස් සහ ජෝ රූට් දෙදෙනා එක්දින තරගාවලිය පමණක් කැඳවා ඇත.


එංගලන්ත විස්සයි-20 සංචිතය
ඔයින් මෝගන් (නායක), මොයින් අලී, ජොෆ්රා ආචර්, ජොනී බෙයාර්ස්ටෝ, ටොම් බැන්ටන්, සෑම් බිලිංග්ස්, ජොස් බට්ලර්, සෑම් කරන්, ජෝ ඩෙන්ලී, ක්‍රිස් ජෝර්දාන්, ඩේවිඩ් මලැන්, අදිල් රෂීඩ්, මාක් වුඩ්.

එංගලන්ත එක්දින සංචිතය
ඔයින් මෝගන් (නායක), මොයින් අලී, ජොෆ්රා ආචර්, ජොනී බෙයාර්ස්ටෝ, ටොම් බැන්ටන්, සෑම් බිලිංග්ස්, ජොස් බට්ලර්, සෑම් කරන්, ටොම් කරන්, අදිල් රෂීඩ්, ජෝ රූට්, ක්‍රිස් වෝක්ස්, මාක් වුඩ්.


තරඟ කාලසටහන

පළමු විස්සයි20 තරගය - සැප්තැම්බර් 04 වැනිදා, සදම්ප්ටන්හිදී
දෙවැනි විස්සයි20 තරගය - සැප්තැම්බර් 06 වැනිදා, සදම්ප්ටන්හිදී
තෙවැනි විස්සයි20 තරගය - සැප්තැම්බර් 08 වැනිදා, සදම්ප්ටන්හිදී

පළමු එක්දින තරගය - සැප්තැම්බර් 11 වැනිදා, මැන්චෙස්ටර්හිදී
දෙවැනි එක්දින තරගය - සැප්තැම්බර් 13 වැනිදා, මැන්චෙස්ටර්හිදී
තෙවැනි එක්දින තරගය - සැප්තැම්බර් 16 වැනිදා, මැන්චෙස්ටර්හිදී

- 2079


අදහස් (0)

ජෝ රූට් විස්සයි-20 සංචිතයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.