Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 600 සමාජයට

ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 600 සමාජයට

editorial - 2020 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කඩුලු 600 ක් ලබාගත් ලොව පළමු වේගපන්දු යවන්නා බවට පත්වීමට එංගලන්ත ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් පෙරේදා (25 වැනිදා) සමත්විය. සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී අසාර් අලීගේ කඩුල්ල දවාගනිමින් මෙම දස්කම කිරීමට ඇන්ඩර්සන් සමත්විය.

මෙම කඩුලු 600 දවාගැනීම සඳහා ඇන්ඩර්සන්ට තරග 156 කට ක්‍රීඩා කිරීමට සිදුවූ අතර එහිදී කඩුලු 5 බැගින් අවස්ථා 29 කදී සහ කඩුලු 10 බැගින් අවස්ථා 3 කදී ලබාගෙන ඇත.

වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන් අතර ඇන්ඩසන් සිවුවැනි ස්ථානයේ පසුවෙයි. ඔහුට ඉදිරියෙන් මුත්තයියා මුරලිදරන් (800), ෂේන් වෝන් (708) ක් සහ අනිල් කුම්බල් (619) සිටිති.

වසර 2017 දී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී ලකුණු 42 කට ලබාගත් කඩුලු 7 ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන අතර පාකිස්තානයට එරෙහිව 2010 දි ලකුණු 71 කට ලබාගත් කඩුලු 11 ඔහු තරගයකදී දැක්වූ හොඳම දක්ෂතාවය ලෙස වාර්තා වන්නේය.


- 2079

 


අදහස් (0)

ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 600 සමාජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.