Last Update  :  2024-04-24 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජාතික සංචිතයෙන් 5 ක් ගෙදර යවයි

ජාතික සංචිතයෙන් 5 ක් ගෙදර යවයි

රොෂාන් ගුණරත්න - 2021 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත පිල සමගින් ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගය සඳහා නම්කළ ක්‍රීඩකයන් 22 දෙදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයෙන් ක්‍රීඩකයින් පස් දෙනෙකු ජෛව ආරක්‍ෂිත බුබුලෙන් නිදහස් කර ඇත. ඒ අනුව නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, මිනෝද් භානුක සහ ළහිරු කුමාරට ගෙදර යෑමට අවසර දී තිබේ.

ඇඟිල්ලේ අස්ථියක ඇතිවූ සියුම් පිපිරීම හේතුවෙන් නිත්‍ය නායක දිමුත් කරුණාරත්නට දෙවැනි ටෙස්ට් තරගයද මඟහැරී යනු ඇත.

බ්‍රහස්පතින්දා (21 වැනිදා) ගාල්ලේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේදී තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සංචිතයෙන් නිදහස් කරනු ඇතැයි කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන අවස්ථාවේදී ශ්‍රී ලංකා සංචිතය වන්නේ ක්‍රීඩකයන් 16 දෙනකු පමණි. පළමු ටෙස්ට් තරගයේදී ක්‍රීඩකයන් 22 දෙනකුගෙන් සමන්විත සංචිතයක් ක්‍රියාත්මක වූ නමුත් තරගය පැවැත්වෙන අතරතුරදී ක්‍රීඩකයන් කිහිප දෙනකු කාඩ් සෙල්ලම් කරමින් සිටියහ. ඒ සම්බන්ධයෙන් කණ්ඩායමට එල්ල වූ විවේචන හේතුවෙන් තරගයට අවශ්‍ය ක්‍රීඩකයන් 16 දෙනා පමණක් කණ්ඩායමේ රඳවා ගනිමින් සෙසු ක්‍රීඩකයන් නිදහස් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 22 වැනිදා ගාල්ල ක්‍රීඩාංගණයේදීම ආරම්භ වේ. එංගලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 7 කින් ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

 


අදහස් (0)

ජාතික සංචිතයෙන් 5 ක් ගෙදර යවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.