Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජයවිහාන්ගේ ශතකය තර්ස්ටන් අ.පූ. වටයට ගෙනයයි

ජයවිහාන්ගේ ශතකය තර්ස්ටන් අ.පූ. වටයට ගෙනයයි

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජයවිහාන් මහවිතාරණගේ (නොදැවී 108) විශිෂ්ට පිතිහරඹය හමුවේ අන්තර් පාසල් වයස 19 න් පහළ සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඊයේ (1 වැනිදා) සමත්විය.

තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් ලබාගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත්විය. 

හුදකලා සටනක නිරතවූ ජයවිහාන් මහවිතාරණ (නොදැවී 108) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර අවසන් පිතිකරුවා සමගින් එක්ව තර්ස්ටන් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වීය.

තෙනුක නන්දලාල් කඩුලු 3 ක් ද කවීෂ ජයතිලක සහ මහීෂ් තීක්‍ෂණ කඩුලු 2 බැගින් දවාගනිමින් ශාන්ත බෙනඩික් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන ගියද අවසන් මොහොතේ ජයග්‍රහණය ඔවුන්ගෙන් ගිලිහී ගියහ.

ශාන්ත බෙනඩික් විද්‍යාලය - ඕවර 48.4 කදී සියලුදෙනා දැවී ලකුණු 171
(ශෙහාන් ප්‍රනාන්දු 47, දිමර රණතුංග 25/ 3, අංජු කරුණානායක 31/2, චාලක බණ්ඩාර 31/2)

තර්ස්ටන් විද්‍යාලය - ඕවර 37/2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 175
(ජයවිහාන් මහවිතාරණ නොදැවී 108, යොහාන් ලියනගේ 36, තෙනුක නන්දලාල් 45/3, කවීෂ ජයතිලක 16/2, මහීෂ් තීක්‍ෂණ 18/2)


අදහස් (0)

ජයවිහාන්ගේ ශතකය තර්ස්ටන් අ.පූ. වටයට ගෙනයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.