Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චෙන්නායි පිලෙන් හර්බජානුත් ඉවත් වෙයි

චෙන්නායි පිලෙන් හර්බජානුත් ඉවත් වෙයි

editorial - 2020 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සිටින අංක එකේ දඟ පන්දු යවන්නා වන හර්බජාන් සිං තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරගාවලියෙන් ඉවත් වී තිබේ. මීට දින කිහිපයකට ඉහතදී සුරේෂ් රයිනා "පුද්ගලික හේතූන් මත"  යයි කියමින් අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත් විය.

ඒ අනුව 2020 අයි.පී.එල්. තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් පිලට අහිමි වන දෙවැනි ඉදිරිපෙළ ක්‍රීඩකයා හර්බජාන්ය. පසුගියදා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වූ මහේන්ද්‍ර සිං දෝනි චෙන්නායි පිලේ නායකයා වශයෙන් කටයුතු කරයි.

ඉතාම විශ්වාසජනක ආරංචි මාර්ග වලට අනුව දැනගන්නට ඇත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ වන විටත් හර්බජාන් නොමැතිව තරග කිරීමට සූදානම් වන බවයි.

"ඔහු කිසිදු නිල දැනුම්දීමක් කර නොමැති අතර එය අද සවස හෝ හෙට වන විට අපේක්ෂා කෙරේ. එහෙත් ඔහුගේ සේවය අතපසු විය හැකි අවස්ථාවන් සඳහා සූදානම් වන ලෙස කණ්ඩායම් කළමනාකාරිත්වයට දැනුම් දී තිබෙනවා." යයි චෙන්නායි සුපර් කිංග්ස් ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව ප්‍රවීණ දඟ පන්දු යවන්නා සිය පණිවිඩය චෙන්නායි කණ්ඩායම වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

සැප්තැම්බර් 1 වන දින චෙන්නායි සුපර් කිංග්ස් හි ප්‍රධාන විධායක නිලධාරි කාසි විශ්වනාදන් පවසා ඇත්තේ චෙන්නායි කණ්ඩයම තුළ තවදුරටත් කොරෝන වෛරස් ආසාදිතයන් නොමැති බවයි. කොරෝනා වෛරසය ආසාදනය වූ දීපක් චහාර් සහ රුතුරාජ් ගයික්වාඩ් දින 14 ක් හුදෙකලා කොට තබා ඇති අතර, එම කාල පරිච්ඡේදයෙන් පසුව ඔවුන් නැවත වරක් පරීක්‍ෂාවට ලක් කෙරෙනු ඇත. එහෙත් තරගාවලියේ ආරම්භක අදියර සඳහා ඔවුන්ගේ සහභාගීත්වය සැක සහිතය.

කිංග්ස් XI පන්ජාබ්, සන්රයිසස් හයිද්‍රාබාද්, දිල්ලි කැපිටල්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් හය ඩුබායි හි සිටින අතර මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අබුඩාබියේ සිටිති.

අයි.පී.එල්. සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණි පළමු කණ්ඩායම් රාජස්ථාන් රෝයල්ස් සහ කිංග්ස් XI පන්ජාබ් ය. දිල්ලි කැපිටල්ස් පිල සමඟ ඔවුන් ඉතා උනන්දුවෙන් පුහුණුවීම්වල නිරත වූ අතර මීට දින කිහිපයකට පෙර ඔවුන්ගේ පුහුණුකරු රිකී පොන්ටිං මහතාද කණ්ඩායමට එක්විය.

 

- 213


අදහස් (0)

චෙන්නායි පිලෙන් හර්බජානුත් ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.