Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චාහල්ගේ පන්දු යැවීම බැංගලෝර් පිලට ජය ගෙනෙයි

චාහල්ගේ පන්දු යැවීම බැංගලෝර් පිලට ජය ගෙනෙයි

editorial - 2020 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුස්වේන්ද්‍ර චාහල්ගේ (18/3) විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඩුබායිහිදී පැවැති 3 වැනි තරගය ලකුණු 10 කින් ජය ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඊයේ (21 වැනිදා) සමත්විය.

කාසියේ වාසිය දිනූ සන්රයිසස් හයිඩ්‍රාබාද් පිල පළමුව පන්දුවට පහරදීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 163 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

දෙව්දූත් පඩික්කල් සහ ඒ.බී.ඩිවිලියර්ස් අර්ධ ශතක රැස්කරමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ. දේව්දත් පඩික්කල් පන්දු 42 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 56 ක් ලබාගත් අතර ඒ.බී.ඩිවිලියර්ස් පන්දු 30 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 51 ක් ලබාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිඩ්‍රාබාද් පිලට ඕවර 19.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 153 ක් පමණි. ජොනී බෙයාර්ස්ටෝ පන්දු 43 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 61 ක් රැස්කළද සන්රයිසස් හයිඩ්‍රාබාද් පිලේ ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

සිය ඕවර 4 ලකුණු 18 කට සීමාකර කඩුලු 3 ක් දවාගමිනිමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට පළමු ජයග්‍රහණය ගෙන දීමට යුස්වේන්ද්‍ර චාහල් සමත්විය. නව්දීප් සයිනි සහ ශිවාම් ඩුබේ කඩුලු 2 බැගින් දවාගනිමින් යුස්වේන්ද්‍ර චාහල්ට අනගි සහයක් ලබාදුන්හ.


රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 163
(දෙව්දූත් පඩික්කල් 56, ඒ.බී.ඩිවිලියර්ස් 51, ඒරන් ෆින්ච් 29)

සන්රයිසස් හයිඩ්‍රාබාද් පිල - ඕවර 19.4 කදි සියලුදෙනා දැවී 153
(ජොනී බෙයාර්ස්ටෝ 61, මනිෂ් පාන්ඬේ 34, යුස්වේන්ද්‍ර චාහල් 18/3, නව්දීප් සයිනි 25/2, ශිවාම් ඩුබේ 15/2)

- 2079


අදහස් (0)

චාහල්ගේ පන්දු යැවීම බැංගලෝර් පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.