Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චාහර් - පාන්ට් ඉන්දියාවට ජය ගෙනෙති

චාහර් - පාන්ට් ඉන්දියාවට ජය ගෙනෙති

editorial - 2019 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

දීපක් චාහර්ගේ (04/3) විශිෂ්ඨ පන්දු යැවීමත් රිෂාබ් පාන්ට්ගේ (නොදැවී 65) දක්ෂ පිතිහරඹයත් හමුවේ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ඉන්දියාව ඊයේ (6 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව ඕවර 19.1 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ විරාට් කෝලී සහ රිෂාබ් පාන්ට් තෙවැනි කඩුල්ල සඳහා පන්දු 77 කදී ලකුණු 106 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉන්දීයාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
විරාට් කෝලී පන්දු 45 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 59 ක් රැස්කරන විට රිෂාබ් පාන්ට් පන්දු 42 කදී හයේ සහ හතරේ පහර 4 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 65 ක් රැස්කිරීමට සමත්විය.

ඔෂේන් තෝමස් ලකුණු 29 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කාසියේ වාසිය දිනු ඉන්දීය නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146 ක් පමණි.

අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ කිරන් පොලාඞ් පන්දු 45 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 58 ක් රැස්කළ අතර පන්දු 20 කදී නොදැවී ලකුණු 32 ක් රැස්කළ රෝමන් පවෙල්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය.

ඕවර 3 ක් යවමින් එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 4 කට කඩුලු 3 ක් දවාගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවීමට දීපක් චාහර් සමත්විය. නව්දීප් සයිනි ලකුණු 34 කට කඩුලු 2 ක් දවාගත්තේය.


බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 146
(කිරන් පොලාඞ් 58, රෝමන් පවෙල් නොදැවී 32, දීපක් චාහර් 04/3, නව්දීප් සයිනි 34/2)

ඉන්දියාව - ඕවර 19.1 කදී කඩුලු 3 ක් දැවී 150
(ලෝකේෂ් රාහුල් 20, විරාට් කෝලී 59, රිෂාබ් පාන්ට් නොදැවී 65, ඔෂේන් තෝමස් 29/2)

...


අදහස් (0)

චාහර් - පාන්ට් ඉන්දියාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.