Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චමරිගේ උත්සාහය අපතේ යයි

චමරිගේ උත්සාහය අපතේ යයි

editorial - 2020 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සොෆී ඬේවින්ගේ (නොදැවී 75) වේගවත් පිතිහරඹය හමුවේ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඕස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය අද (22 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 128 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩිකාවෝ පන්දු 14 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදි නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ සොෆී ඬේවින් පන්දු 55 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 75 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

සුසී බේට්ස් (13) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඬේවින්, ඉන් නොනැවතී මැඩී ග්‍රීන් (29) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 61 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් වූවාය. පන්දු 20 කදී වාර්තා වූ ග්‍රීන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට හේලි ජෙන්සන්ගේ සහ ඇමීලියා කේර්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූවේ ලකුණු 127 ක් පමණි. ජෙන්සන් ලකුණු 16 කට කඩුලු 3 ක්ද, කේර් ලකුණු 21 කට කඩුලු 2 ක්ද දවාගනිමින් ශ්‍රී ලංකා පිතිකාරිණියන් මෙල්ල කළාය.

ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභිනිය බවට පත්වූ චමරි අතපත්තු පන්දු 30 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 41 ක් රැස්කළ අතර හසින් පෙරේරා පන්දු 28 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද, හර්ෂිතා මාධවී පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 27 ක්ද රැස්කළහ.

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 127
(හසිනි පෙරේරා 20, චමරි අතපත්තු 41, අනුෂ්කා සංජීවනී 15, හර්ෂිතා මාධවී නොදැවි 27, හේලි ජෙන්සන් 16/3, ඇමීලියා කේර් 21/2)

නවසීලන්ත කාන්තා පිල - ඕවර 17.4 කදී කඩුලු 3 කට 131
(සොෆී ඬේවින් නොදැවී 75, සුසී බේට්ස් 13, මැඩී ග්‍රීන් 29)

-036


අදහස් (0)

චමරිගේ උත්සාහය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.