Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චමරි අතපත්තු නායකත්වයේ පීඩනයෙන් ටිකක් ඈත් කළා

චමරි අතපත්තු නායකත්වයේ පීඩනයෙන් ටිකක් ඈත් කළා

යොහාන් භාසුර - 2019 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ඕස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා එක්දින පිලේ නායකත්වයට ශෂිකලා පත්කිරීමට ප්‍රධාන හේතුව චමරි අතපත්තු වෙතින් නායකත්වයේ පීඩනය ඈත් කිරීම බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඕස්ට්‍රේලියාවේදී මේ මස 29 වැනිදා ආරම්භ වන තරග සංචාරය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (20) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පුහුණුකරු හර්ෂ ද සිල්වා මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“ලෝකයේ සෙසු කණ්ඩායම් ද මේ ආකාරයටම කටයුතු කරනවා. කණ්ඩායමේ නායිකාව කිව්වම ලොකු පීඩකයන් තියෙනවා. තරග ජය ලැබීම, තමන්ගේ පෞද්ගලික දක්‍ෂතා වැනි දේවල්වලින් පීඩනයක් ගොඩනැගෙනවා. චමරි අපිට ඉතාමත් වැඳගත් ක්‍රීඩිකාවක්. ඒ නිසා අපි හිතුවා විශේෂයෙන් ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීම සඳහා චමරි නිදහස් කරන්න අවශ්‍යයි කියලා”

“ඇයට එක්දින ක්‍රීඩාවේ පෞද්ගලික ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යන්න සහ පෞද්ගලික ඉලක්කවට යන්න අවස්ථාව දීම තමයි විශේෂයෙන් මෙම වෙනසට හේතුව වුණේ”

“ශෂිකලා කැමති වුණා අතපත්තුට ඒ අවස්ථාව දෙන්න. ඒ නිසා අපි නායකත්වයේ පීඩනය චමරිගෙන් පොඞ්ඩක් ඈත් කළා” යැයි පුහුණුකරු වැඩි දුරටත් පැවසීය.  

මෙම සංචාරයේදී එක්දින පිලේ නායිකාව ලෙස හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන නැවතත් පත්කර ඇති අතර කණ්ඩායම් දෙකේම නායකත්වය දැරූ චමරි අතපත්තු විස්සයි20 පිලේ පමණක් නායිකාව ලෙස නම් කර තිබේ.
මෙම එක්දින තරග තුන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් 2021 වසරේ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග මාලාවට අයත්ය.

විස්සයි20 තරගාවලිය සිඞ්නිහිදී මේ මස 29 වැනිදා ආරම්භ වන අතර එක්දින තරගාවලිය බ්‍රිස්බේන්හිදී ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතය.

මෙම මාධ්‍ය හමුවට එක්දින නායිකා ශෂිකලා සිරිවර්ධන, විස්සයි20 නායිකා චමරි අතපත්තු සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ කළමනාකරු කොමදෝරු නිලන්ත ද සිල්වා මහතා සහභාගි වූහ. 

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් එක්දින සහ විස්සයි20 සංචිතය:
ශෂිකලා සිරිවර්ධන (එක්දින නායිකාව), චමරි අතපත්තු (විස්සයි20 නායිකාව), හර්ෂිතා මාධවී, අනුෂ්කා සංජීවනි, හංසිමා කරුණාරත්න, යශෝධා මෙන්ඩිස්, නිලක්‍ෂි ද සිල්වා, ඩිලානි මනෝදර, ඔෂදී රණසිංහ, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, උදේෂිකා ප්‍රබෝදනි සහ අමා කාංචනා

අතිරේක ක්‍රීඩිකාවෝ:
හසිනි පෙරේරා, ප්‍රසාදිනි වීරක්කොඩි, සත්‍යා සංදීපනි, සචිනි නිංසසලා සහ මධුෂිකා මෙත්තානන්ද

තරග කාලසටහන
● සැප්. 29 - පළමු විස්සයි20 තරගය සිඞ්නි
● සැප්. 30 - දෙවැනි විස්සයි20 තරගය සිඞ්නි
● ඔක්. 02 - තෙවැනි විස්සයි20 තරගය සිඞ්නි
● ඔක්. 05 - පළමු එක්දින තරගය බ්‍රිස්බේන්
● ඔක්. 07 - දෙවැනි එක්දින තරගය බ්‍රිස්බේන්
● ඔක්. 09 - තෙවැනි එක්දින තරගය බ්‍රිස්බේන්


අදහස් (0)

චමරි අතපත්තු නායකත්වයේ පීඩනයෙන් ටිකක් ඈත් කළා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.