Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චන්දිමාල් - තිරිමාන්න නැවතත් කැඳවති

චන්දිමාල් - තිරිමාන්න නැවතත් කැඳවති

Nisanka Sandeepani - 2017 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉතිරි තරග තුන සඳහා දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

උපුල් තරංග තරග දෙකක තහනමකට ලක්වීමත්  මැද පෙළ පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක විම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න නැවතත් එක්දින කණ්ඩායමට කැඳවනු ලබන අතර එහි තවත් අරමුණක් වන්නේ පිතිකරු ලයිස්තුව ශක්තිමත් කිරීමයි. 

2016 වසරේ සාර්ථකම පිතිකරුවාවූ දිනේෂ් චන්දිමාල්ට මෙම වසරේ පැවැති තරගාවලි කිහිපයකදී ලකුණු අතරට පැමිණීමට නොහැකිවිම හේතුවෙන් කණ්ඩායමේ ස්ථානය අහිමිවී ගියේය. සිම්බාබ්වේ සමගින් පැවැති එක්දින තරගාවලියට සහ ඉන්දියාවට එරෙහිව දැන් පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා කැඳවු සංචිතයේද චන්දිමාල්ට ස්ථානයක් හිමි නොවීය. 


එක්දින තරග 128 කට ක්‍රීඩා කර ඉනිම 116 කදී ශතක හතරක් සහ අර්ධ ශතක 21 ක් සමගින් ලකුණු 3211 ක් රැස්කර ඇති චන්දිමාල්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 33.44 කි.


2016 ජනවාරී මාසයේ පැවති නවසීලන්ත සංචාරයෙන් පසුව කණ්ඩායමේ ස්ථානය අහිමිවූ ළහිරු තිරිමාන්නට මාස 19 කට පසුව නැවතත් එක්දින සංචිතය සදහා කැඳවිමක් ලැබී ඇත. එක්දින තරග 107 කට ක්‍රීඩාකර ඉනිම 87 කදී ශතක හතරක් සහ අර්ධ ශතක 16 ක් සමගින් ලකුණු 2586 ක් රැස්කර ඇති තිරිමාන්නගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 34.48 කි.


අදහස් (0)

චන්දිමාල් - තිරිමාන්න නැවතත් කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.