Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගේල්-රසල්-ෆෆ්-මිලර් එල්.පී.එල්. තරගාවලියට එති

ගේල්-රසල්-ෆෆ්-මිලර් එල්.පී.එල්. තරගාවලියට එති

ශානුක අරවින්ද - 2020 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලන්කන් ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලිය සඳහා ක්‍රිස් ගේල්, ඔන්ඩ්‍රි රසල්, සහිඩ් අෆ්රිඩි, ෆෆ් ඩු ප්ලෙසි, ෂොයිබ් මලික්, ඩේවිඩ් මිලර් සහ කාලෝස් බ්‍රැත්වෙයිට් වැනි ඉහළ පෙළේ විදේශීය ක්‍රීඩකයෝ එක්ව සිටිති. ක්‍රිස් ගේල් මහනුවර පිලට එක්ව සිටින අතර කාලෝස් බ්‍රැත්වෙයිට් දඹුල්ල හෝක්ස් පිලටද ෆෆ් ඩු‘ප්ලෙසි කොළඹ පිලටද එක්ව සිටිති.

තරගාවලියේ කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනිමේදී  ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න ‍ ‍තෝරා ගැනීමට කිසිදු කණ්ඩායමක හිමිකරුවකු ඉදිරිපත් නොවීය. නොවැම්බර් 21 වනදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු වන පිතිකරු මන්වින්දර් බිස්ලා සහ  වේග පන්දු යවන එම්.එස්. ගෝනි ද  තෝරාගෙන ඇතත් ඔවුන් ඉදිරිපෙළ ක්‍රීඩකයෝ නොවෙති. මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම මෙවර අයි.පී.එල්. තරගාවලියේ ස්ථාන අහිමි වී තිබේ.

කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩකයන් තෝරා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ කණ්ඩායම් හිමිකරුවන්ගේ සහභාගීත්වයෙන් සඳුදා (19 වැනිදා) අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරිණ. එහිදී කොළඹ, දඹුල්ල, ගාල්ල, යාපනය සහ මහනුවර යන කණ්ඩායම්වල සුවිශේෂී ක්‍රි‍ඩයකයන් ලෙස පිළිවෙලින් ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ කුසල් පෙරේරා තේරාගනු ලැබූහ. කෙසේ වෙතත් ගාල්ල ග්ලැඩියේටර්ස් පිල හැරෙන්නට අනෙක් කණ්ඩායම් හතරම තමන්ගේ ක්‍රීඩකයන් 20 දෙනා සම්පූර්ණ කර නැත. කොළඹ කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයකුටත්, දඹුල්ල හෝක්ස්, යාපනය ස්ටැලියන්ස් සහ මහනුවර ටස්කර්ස් යන කණ්ඩායම් වල ක්‍රීඩකයන් දෙදෙනකුටත් බැගින් ඉඩ තිබේ.

මෙම තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් මස 13 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලිය සඳහා පාකිස්තානු ක්‍රීඩකයන් 8 දෙනෙක් සහභාගී වන අතර බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකානු, එංගලන්ත සහ ඉන්දීය ක්‍රීඩකයන් තිදෙනා බැගින්ද, ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ දෙදෙනෙක්ද සහ  අයර්ලන්ත ක්‍රීඩකයෙක්ද තරගාවලියට එක්ව සිටිති. කාර්ලෝස් බ්‍රැත්වේට් සහ ඩේවිඩ් මිලර් දඹුල්ල කණ්ඩායමටත් ක්‍රීඩා කරති. පාකිස්තානු ජාතික තුන් ඉරියව් ක්‍රීඩකයන් වන සහීඩ් අෆ්රිඩි සහ ෂොයිබ් මලික් පිළිවෙලින් ගාල්ල සහ යාපනය කණ්ඩායම් නියොජ්නය කරති.

‍ඕස්ට්‍රේලියානු ජාතික ඩැව්නෙල් වට්මෝර් මහතා පුහුණුකරු වශයෙන් කටයුතු කරන
කොළඹ කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස්ට අමතරව ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් සහ මේ වන විට අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන ඉසුරු උදානද ඇතුළත්ව සිටිති.

දඹුල්ල කණ්ඩායමේ පුහුණුකරු ලෙස එංගලන්ත ජාතික ජෝන් ලුවිස් මහතා කටයුතු කරන අතර දසුන් ශානකට අමතරව උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර, ඕෂධ ප්‍රනාන්දු, කසුන් රාජිත සහ ඇන්ජලෝ පෙරේරා වැනි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නි‍යොජ්නය කළ ක්‍රීඩකයෝ රැසක් ඊට ඇතුළත්ව සිටිති.

පාකිස්තාන ජාතික මොයින් ඛාන් මහතා ගාල්ල කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.
ලසිත් මාලිංග සමගින් ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, ලක්ෂාන් සඳකැන් සහ ෂෙහාන් ජයසූරිය වැනි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නි‍යෝජනය කළ ක්‍රීඩකයෝ එම කණ්ඩායම ශක්තිමත් කරති.

මහනුවර කණ්ඩායමේ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතා කටයුතු කරන අතර කුසල් පෙරේරාට අමතරව කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිඳු මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය වැනි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩයන්ගෙන්ද එම කණ්ඩායම සමන්විත වේ.

යාපනය කණ්ඩායම සඳහා තවමත් පුහුණුකරුවකු තෝරාගෙන‍නොමැති අතර වනිඳු හසරංග, අවිෂ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල් සහ චතුරග ද සිල්වා වැනි ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගත් ක්‍රීඩකයෝ තිසර පෙරේරා සමගින් එම කණ්ඩායම ශක්තිමත් කරති.


කොළඹ කිංග්ස් සංචිතය
ඇන්‍ජලෝ මැතිව්ස්, ඔන්ඩ්‍රි රසල් (බටහිර ඉන්දීය කොදෙව්), ෆෆ් ඩුප්ලෙසී (දකුණු අප්‍රිකාව), මන්ප්‍රීත් සිං (ඉන්දියාව), මන්වින්දර් බිස්ලා (ඉන්දියාව), ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපොන්සු, අෂාන් ප්‍රියන්ජන්, රවින්දර්පාල් සිං (ඉන්දියාව), දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩසේ, තික්ෂිල ද සිල්වා, තරිඳු කෞෂාල්, ළහිරු උදාර, හිමේෂ් රාමනායක, කළණ පෙරේරා, තරිඳු රත්නායක සහ ‍‍නවෝද් පරණවිතාන
පුහුණුකරු - ඩැව්නෙල් වට්මෝර් මහතා


දඹුල්ල හෝක්ස් සංචිතය
දසුන් ශානක, ඩේවිඩ් මිලර් (දකුණු අප්‍රිකාව), කාර්ලෝස් බ්‍රැත්වේට් (බටහිර ඉන්දීය කොදෙව්), සමිත් පටේල් (එංගලන්තය), නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර, ඕෂධ ප්‍රනාන්දු, කසුන් රාජිත, පෝල් ස්ටාර්ලින් (අයර්ලන්තය), ළහිරු මධුෂංක, උපුල් තරංග, ඇන්ජලෝ පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, පුලින තරංග, අෂේන් බණ්ඩාර, දිල්ෂාන් මධුෂංක සහ සචිඳු කොළඹගේ
පුහුණුකරු - ජෝන් ලුවිස් මහතා


ගාල්ල ග්ලැඩියේටර්ස් සංචිතය
ලසිත් මාලිංග, ශහීඩ් අෆ්රිඩි (පාකිස්තානය), කොලින් ඉන්ග්‍රම් (දකුණු අප්‍රිකාව), හස්රතුල්ලා සසායි (ඇෆ්ගනිස්තානය), මොහොමඩ් අමීර් (පාකිස්තානය), ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, සර්ෆරාස් අහමඩ් (පාකිස්තානය), අසාම් ඛාන් (පාකිස්තානය), ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, මොහොමඩ් සිරාස්, ධනංජය ලක්ෂාන්, චානක රුවන්සිරි,
දුවිඳු තිලකරත්න  සහ සහන් ආරච්චිගේ
පුහුණුකරු -  මොයින් ඛාන් මහතා


යාපනය ස්ටේලියන්ස් සංචිතය
තිසර පෙරේරා, ඩේවිඩ් මැලන් (එංගලන්තය) වනිඳු හසරංග, ෂොයිබ් මලික් (පාකිස්තානය), උස්මාන් ශින්වරි (පාකිස්තානය), අවිෂ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, බිනුර ප්‍රනාන්දු, අසීෆ් අලී (පාකිස්තානය), මිනෝද් භානුක, චතුරග ද සිල්වා, මහේෂ් තීක්ෂණ, චරිත් අසලංක, නුවනිඳු ප්‍රනාන්දු, කනගරත්නම් කපිල්රාජ්, තිවේන්දිරම් දිනෝෂාන් සහ යියකාන්ත් යියස්කාන්ත්
පුහුණුකරු - තවමත් තෝරාගෙන නැත


මහනුවර ටස්කර්ස් සංචිතය
කුසල් පෙරේරා, ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්),  ලයෑම් ප්ලන්කට් (එංගලන්තය), වහබ් රියාස් (පාකිස්තානය), කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, නවීනුල් හක් (ඇෆ්ගනිස්තානය), කමිඳු මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු සමරකෝන්, නිෂාන් මධුෂංක, චාමික එදිරිසිංහ සහ ඉෂාන් ජයරත්න
පුහුණුකරු -  හෂාන් තිලකරත්න මහතා


අදහස් (0)

ගේල්-රසල්-ෆෆ්-මිලර් එල්.පී.එල්. තරගාවලියට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.